( තිළිණි ද සිල්වා )
මෙරට සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාර, දේශීය විදේශීය රැකියා ක්ෂේත්‍රයට කෙරෙන බලපෑම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සිදුකිරිමට සහය විම සඳහා යාන්ත්‍රණයක් සැකසිම ගැන සාකච්ඡා කීරීමට මෙම හමුව පැවැත්විණි.
මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර් මහත්මිය සමග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් යන මහත්මීන් හා ජාත්‍යන්තර විගමණික සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ සරට් ඩාෂ් මහතා මෙම අවස්ථාවට එක්වූහ.
නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදි කොරෝනා වෛයිරස බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ව්‍යාපාර මෙහෙයුම් කඩාවැටීමේ ගැටළු, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් මුහුණපාන ගැටළු හා කාරක ප්‍රාග්ධනය මෙන්ම සේවක ගැටළු සම්බන්ධවද මෙහිදි අවධානය යොමුවූ බව විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරැ අමාත්‍යාංශය සඳහන් කරයි.
තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවු විගමණික ශ්‍රමිකයන්, රැකියා අහිමිවුවන් සහ ප්‍රේෂණ ගැටළු සම්බන්ධවද මෙම හමුවේදී සාකච්ඡා වූ බව එම අමාත්‍යාංශය කියා සිටී.
එසේම මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් හා දේශිය ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සහයදීම සඳහා රජය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවේ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් කඩාවැටී ඇති ආසියානු කලාපීය ආර්ථිකය පනගැන්විම සදහා සංවර්ධන උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාවයද මේ අවස්ථාවේ පවතින බවය.
මෙම වසංගත අවස්ථාවේදි එය මනාව කලමනාකරණය කිරිමට ශ්‍රි ලංකා රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හානා සින්ගර් මහත්මිය, ශ්‍රි ලංකා රජයට ඒ වෙනුවෙන් ප්‍රසංසාව පළකරන බවද ප්‍රකාශ කළාය. එමෙන්ම විගමණික ශ්‍රමික කටයුතු හා සුභසාධන පහසුකම් ලබාදීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, හා ජාත්‍යන්තර විගමණික සංවිධානය යන ආයතන වල මාර්ගොපදේශනවල සහය ඇතිව ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කමද ඇය විසින් පෙන්වා දුන්නාය.
මෙම සාකච්ඡාව සදහා නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස් අබේගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, යන මහත්වරුන් හා උසස් නිලධාරින් එක්වී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
sudharman Wednesday, 29 April 2020 02:04 PM
මෙයා මුලින් මුලින් මේ ලෙඩේ හැංගුවනේ.