
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඩෙල්කොෂ් මහතා එසේ ප්‍රකාශ කළේ තානාපති නිල නිවසේ පැවැති විශේෂ ප්රවෘත්ති මාධ්‍ය හමුවකදීය.
ඩෙල්කොෂ් මහතා මෙසේ ද පැවැසීය. ශ්‍රී ලංකාව ඉරානයේ මිතුරෙක්. ශ්‍රී ලංකාව කරදරයේ වැටෙනවා දැකීමට ඉරානය කිසිම අවස්ථාවක කැමැති නෑ. මෙරටට සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම සහාය ලබා දෙනවා.
එසේම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන් ආරක්ෂා කිරීමට සියරට තුළ පුළුල් ව්‍යූහයක් තිබෙනවා. යම් විදේශිකයකුට ඔහුගේ රටට යාමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට ඉරානය සූදානමින් සිටිනවා.
අයිරිස් ඩෙනා සහ අනෙකුත් නෞකා දෙක මෙරටට පැමිණෙමින් තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ඉරාන නාවික හමුදාපතිවරයාට නිල වශයෙන් කළ ආරාධනාවක් මත බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි අනේ මට ඉල්ලන්න ... ඔයා හිතල එවන්න ....
මේ වෙලාවේ ඉතාමත් පරිස්සමින් තීරණ ගන්න... ඉරානය අපිට තෙල් ගේනවා කියලා, ඉරාන නාවික යාත්‍රා අපේ රටේ වරායවල් වලට ගෙනත් දැම්මොත් ඉතා බලරපතල ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්...
ඒක අහන්නෙත් මාධ්‍ය වේදීහු. ඒ රටට ආදරේ මිනිස්සු. මොවුන්ට එහෙමවත් වුවමනාවක් නැහැ.
ලොකයේ ස්වාධීනත්වය කෝ? රටකට තනිවම තීරණයක් ගන්න බෑ. තවමත් කුඩා රටවල් මහා රටවල් වලට යටත් වෙලා ඉන්නේ... හැබැයි අර සම්මුතියට, මේ සංවිධානයට අත්සන් කරලා ඔවුන් කියන විදිහට නටනවා. මෙම ක්‍රමය වෙනස් කරන්න සැමටම කාලය ඇවිල්ලා, අපි ස්වාධීන රටක් කියලා කිව්වෙ කව්ද? අපි තවමත් අධිරාජ්‍යය වාදින්ගෙන් නිදහස් නොවුණු රටක්... හැබැයි අපේ බදු මුදල් වලින් මහලොකුවට නිදහස් උළෙලක් පවත්වනවා.