ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති ‘මාස් අභියෝග ශූරතා කුසලාන’ ද්වන්ධ බොක්සිං තරගාවලියේ බර පංති හතෙන් බර පංති හතරකම රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එහි සමස්ත ශුරතාව දිනා ගැනීමට සමත්වුහ. දෙරට අතර මේ දක්වා පැවැති බොක්සිං තරගාවලිවලදී ඉන්දියාව පරාජය කිරීමට නොහැකිව සිටි ශ්‍රී ලංකාව මෙම වසරේදී විශිෂ්ට ජයක් ලබා ගැනීම කැපී පෙනේ.
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී ඊයේ (1) අතිවිශාල පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් මධ්‍යයේ පැවැති මෙම තරගාවලියේදී අනුරුද්ධ ගුණතිලක, එරන්දි සිල්වා, ගයාන් ජයවීර සහ අනුෂා කොඩිතුවක්කු රන් පදක්කම් හතර දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය රැුක දුන්හ.
සිය අවසන් ජාත්‍යන්තර බොක්සිං තරගයට සහභාගි වු අනුෂා කොඩිතුවක්කු සිය සුපුරුදු දස්කම් අතරට එමින් ලයිට් ෆ්ලයි බර පංතිය පහසුවෙන්ම ජය ගත්තාය. ඉන්දිය ක‍්‍රීඩිකා පුජා ටොකාස් ලකුණු 27/11 කින් පරාජය කළ අනුෂා, තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය. පුජා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව වුවාය.
තරගය ජය ගැනීමෙන් පසුව අනුෂා, තරගය නැරඹීමට පැමිණ සිට දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ ජාතික කොඩිය අතැතිව ගමන් කරමින් සිය ක‍්‍රීඩා දිවියේ අවසානය සනිටුහන් කළාය.
තරගාවලියේ අවසානය සනිටුහන් වු ෆ්ලයි බර පංතියේ තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. සුරේෂ් පට්ටිආරච්චි සහ ඒ. සලම්බාසන් අතර පැවැති මෙම තරගයෙන් ලකුණු 22/20 ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයා සමත්විය. සලම්බාසන් දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ද, සුරේෂ් දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙසද සම්මාන ලැබුහ.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි
ෂෙල්ටන් Monday, 03 December 2012 08:04 AM
අපේ කට්ටියට සුභපැතුම් (දී)
විජය Sunday, 02 December 2012 03:24 PM
ලංකාදීප විජය භූමි හොදේ......(ස)
සිල්වා Sunday, 02 December 2012 04:35 PM
පුදුමයි ඒත් ඇත්තයි (ස)