(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරියේ දී ජනාධිපතිට දන්වා යවන බව ශශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.
ජනාධිපති කළ එම සළකා බැලීමට අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) පෙරවරුවේ විවෘත අධිකරණයේ රැස් වීණි.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන සෙසු විනිසුරුවන් එහි කටයුතු කරනු ලැබූ අතර විවිධ පාර්ශව වෙතින් ඊට පක්ෂව හා විපක්ෂව කරුණු දැක්වීම් සිදු විණි.
මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට පවතින ව්‍යවස්ථාව යටතේ වසර හයක් ධූර කාලය හෙබවිය හැකි බවය.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව යි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් ද නැතිනම් 6ක් ද යන්න සොයා බලා ලබන 14 වැනිදාට පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම මත එය අද දවස පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බැලිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අර්ථ නිරෑපණ සදහා බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිට
manoj Thursday, 11 January 2018 12:10 PM
යහපාලනේට ඡන්දේ දීපු කෙනෙක් හොයන්න දැන් හරි අමාරුයි.
vipula Thursday, 11 January 2018 12:43 PM
මේකත් ඡන්ද කාලේ කරන තවත් විහිළුවක්.
de silva Thursday, 11 January 2018 02:54 PM
මේක මෙහෙම අවාට ගියාට තීරණය කරන්න බැහැ අඩුම තරමේ මාසයක් දෙකක්වත් කල් දෙන්න ඕනේ ජනතාවට අදහස් දක්වන්න. ලංකාවේ අනිත් නඩු අවුරුදු ගණන් ඇදෙන එකේ මේක දවසෙන් දෙකෙන් විසදන්න කිසිම හදිස්සියක් නැහැ. තව අවුරුදු 2ම කල් තිබෙනවානේ
Saminda Friday, 12 January 2018 02:29 AM
ශේෂ්ටධිකරණය හෝ නිතිය කෙසේ පැවසුවත් එතුමාට සධාචාරාත්මක වසර 6ක් සිටීමට අයිතියක් නැ, එතුමා ගෙනාපු 19 වැනි සංසෝදනය එතුමාට අධාල නැත කියන්නේ ,
Chandra Friday, 12 January 2018 03:20 AM
පක්ෂ පාට නොබලා රටට සේවය කරන්න ඇවිල්ල දැන් කොච්චර කල් තනතුරේ ඉන්න පුලුවන්ද කියල බලනවා . පොරොන්දු වූ පරිදි දුෂිතයන්ට දඩුවම් නෑ. ස්වාදීන කොමිෂන් සබා වලින් වැඩක් තියනවද ?
Patta sira Friday, 12 January 2018 12:36 PM
දින 100 කින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ආ මිනිහා තමන්ම අඩුකරගත් වසරක ධුර කාලය යලි ඉල්ලයි.