
(ගයාන් සූරියආරච්චි)
කොළඹ 12 ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලි සැපයුම ලබාදීමට ගෙනා විදුලි රැහැනෙන් කොටසක් සොරකම් කළ බව කියන සැකකරුවන් 2 දෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු 28 ත් 30 අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කරනු ලබන චීන සමාගමක විදුලි කාර්මිකයකුව විසින් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් එම ගොඩනැගිල්ලේ සේවකයන් ලෙස මීට පෙර කටයුතු කර ඇති බවත් සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි.
චීන සමාගමේ සේවකයන් අලුත්වැඩියා කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලිය ලබාදීම සදහා ගෙනැවිත් තිබූ විදුලි රැහැන් සවි කිරීමෙන් පසුව එහි කොටසක් එම භූමියේ දමා තිබියදී සැකකරුවන් එම විදුලි රැහැන් සොරාගෙන විවිධ ස්ථානවලට විකුණා ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විදුලි රැහැන් කොටස් සොරාගෙන
maalaka Wednesday, 22 October 2025 02:07 PM
ඉහළ සිට පහළට හොරකම