(රංජිත් රාජපක්ෂ)
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමග ශ්‍රිපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමට හැටන් පොලිසියේ නිළධාරින් පිරිසක් අද (01) දිනයේ පියවර ගැණින.
ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් සහකාර පොලිස් අධිකාරි 01 නිශ්ශංක ගොඩමුණ්න මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් පොලිසියේ නිළධාරින් 30 දෙනෙකු, යුධ හමුදා බට පිරිස්, සිවිල් වැසියන් කිහිප දෙනෙකු එක්ව පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී තිබූ ශ්‍රී පාද පඩිපෙල් මාර්ගය සුද්ධ පවිත්‍ර කරනු ලැබූවා.
පැවති අයහපත් කාළගුණයත් සමග නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව දක්වාම කඩා වැටී තිබූ ගස් සහ අතු කපා ඉවත් කිරිමටද එම පිරිස කටයුතු කෙරිණ.
පස් කන්ද කඩා වැටිමෙන් විදුලි රැහැන් පද්ධතියටද අලාභ හානි සිදු වි තිබූ අතර, එය පිලිසකර කිරිමටද විදුලි බල මණ්ඩලයේ නිළධාරින් පියවර ගැනිණ.
ශ්‍රීපාද මාර්ගයේ ගමන් ගත් වන්දනාකරුවන් විසින් මහගිරිදඹය ප්‍රදේශයේ පරිසරයට මුදාහැර තිබු අපද්‍රව්‍ය සමග ශ්‍රිපාද පද්මයට පහළින් වු පරිවතයේ වැවී තිබූ ශාක කොටස් පහළට කඩා වැටී ඇති බවත්, මෙය නායයැමක් නොව සෑම වර්ෂා කාලයකදීම මෙය ස්වාභාවිකවම සිදු වන දෙයක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති නායක හිමියන් කියා සිටියේ.
තවද, එම පස් කන්ද කඩා වැටිමෙන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රි පාද මාර්ගයට කිසිදු හානියක් සිදු වී නොමැති බවද ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීපාද හැටන් මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කරයි