
(
(රෝෂන් තුෂාර)
කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ "සිරිලිය සවිය" සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (07) නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ සැකකාරියට මරණාසන්න රෝගී තත්ත්වයන් හා හෘද රෝගී තත්ත්වයන් ඇති බවට විත්ති පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කළ ද එම රෝගී තත්ත්වයන් තහවුරු කරන සහතික හා වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.
සැකකාරිය පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බැවින් ඇප ලබාදීමට නම් සුවිශේෂී කරුණු අවශ්‍ය බවද පෙන්වා දුන්නා ය. සැකකාරියා හෙට දින කොළඹ පෞද්ගලික රෝහලක සුපුරුදු අක්ෂී වෛද්‍යවරයාට යොමු කරන ලෙසද නියෝග කළාය.
සිරිලිය සවිය ගිණුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් සැකකරු ඇපමත මුදා හැරීමටද නියෝග කළේය. සැකකරුට රුපියල් ලක්ෂ සීය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනම් කරන බවටද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට රජය ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් සැකකාර රාජපක්ෂ මහත්මියගේ පුද්ගලික පරිහරණය යොදවා ඇති බවය.
දැනට කරන ලද පරීක්ෂණ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් , විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 88ක්,හුවාවේ නමැති පුද්ගලික ආයතනයෙන් රුපියල් මිලියන 22ක් ඇතුළු රජයේ හා පුද්ගල ආයතන වලින් විශාල ලෙස මුදල් ලැබී ඇති බව පැවසු අල්ලස් කොමිසම සැකකාරිය එම මුදල් වලින් කොළඹ හත ටොරින්ටන්වලින් නිවසක් මිලදීගෙන ඇති බවද පැවසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක් ලබාගෙන අදාළ යන්ත්‍රය රෝහලට ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති,ප්‍රදීප් ගාමිණි සුරාජ් කාරියවසම් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් එම කරුණු පැවසීය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුවේ රුපියල් මිලියන 10 ක මුදලක් නිසි ක්‍රමවේදයකින් තොරව සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දිම තුළින් දුෂණයක් සිදු කිරිම චෝදනා යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් ගාමිණි සුරාජ් කාරියවසම් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ළමා රෝහලට සී.ටී ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරිම සඳහා යැයි කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් ලබාගෙන එම බැංකුවට අයුතු පාඩුව සිදු කිරීම,ඊට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කර දුෂණය නම් වරද ඇතුළු පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කිරිම සම්බන්ධයෙන් ශිරන්තී රාජපක්ෂ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි ඉදිරිපත් කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ එම කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ යස්මදා ලොකුනාරන්ගොඩ මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවාය.
අල්ලස් කොමිසමට 2015 වර්ෂයේදී ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. දෙවැනි සැකකාරිය විසින් පවත්වාගෙන යන ලද සිරිලිය සවිය සමාජ සත්කාරක ආයතනයේ ගිණුමක් සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය බවට වන පැමිණිල්ල අනුව අදාළ ගිණුම මගින් දූෂණ ක්‍රියා සිදු කරන බවට පැමිණිලි කර තිබුණා. මේ අනුව දූෂණ විරෝධී පනතේ 61 වගන්තිය ප්‍රකාරව 2026 පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කළා. මෙම හවුල් විමර්ශනය අනුව පළමු සැකකරු සභාපතිත්වය දැරූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් වලින් රුපියල් මිලියන දහයක් පළමු සැකකරු විසින් 2010 වර්ෂයේ දී සිරිලිය සවිය මහජන බැංකු ගිණුමට යොමු කර තිබෙනවා. මෙම යොමු කිරීමේ ක්‍රමවේදය නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමක් නොවන බවට මේ විමර්ශන මගින් අනාවරණය වෙනවා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව නම් මුදල් යොමු කළ යුත්තේ අදාළ කාර්යය සිදු කළාට පසුවයි. නමුත් සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සිදු කරමින් මුදල් බැහැර කිරීම සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී ඇති බැවින් සැකකරු අද දින අත්අඩංගුවට ගත්තා. දෙවෙනි සැකකාරිය අදාළ මුදල් ඉල්ලා ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම එම මුදල් යොදවා වෙනත් පුද්ගලික කාර්යයන් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් 1982 අංක 12 දරණ පොදු දේපළ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. සැකකාරිය පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහතිකයක්ද අධිකරණයට ගොනු කරනවා. එම නිසා දූෂණ විරෝධී පනතේ 41 ඈ උප වගන්ති යටතේ සැකකාරිය නඩුව අවසාන වෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. යයිද පැවසූ නීතිඥවරිය දෙවැනි සැකකාරිය පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියාය. ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිරිලිය ගිණුම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඇති බවය.
විමර්ශනය නිලධාරියා මෙසේ ද පැවසීය.
මෙම ගිණුම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ අසූ අටක මුදලක් ලැබී තිබෙනවා. හුවාවේ ආයතනයෙන් මිලියන 22ක්, මේ වගේ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් මුදල් ලැබී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශන මගින් කරුණු අනාවරණය වෙනවා. අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන අනුව අපරාධයකින් උප්පාදිත දේ පිළිබඳ පනතේ වගන්ති ප්‍රකාරව අදාළ ගිණුම තහනමට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස රැස් කරන ලද මුදල් වලින් රෝහලට සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබාදී නොමැති වුවත් සැකකාරිය ටොරින්ටන් වලින් නිවසක් ලබාගෙන ඇති බවට කරුණු තහවුරු වෙනවා.
අදාල යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 141ක් අවශ්‍ය බවට දෙවන සැකකාරිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත 2010 දෙසැම්බර් 02 දින ලිපියක් යොමු කරලා තිබෙනවා. ඒ අනුව 2011 මැයි මස 4 වැනි දින පළමු සැකකරු විසින් අදාළ මුදල් නිසි ක්‍රමවේදයකින් තොරව ගිණුමට තැන්පත් කරලා තිබෙනවා. මීට බැංකුවේ එවකට අධ්‍යක්ෂකට මණ්ඩලය මගින් නිසි අවසරයක් ලැබී නොමැති බවට කරුණු අනාවරණය වෙනවා. සමාජ සත්කාර සඳහා මුදල් වෙන් කිරීමට චක්‍ර ලේඛයක් රාජ්‍ය ආයතන වලට නිකුත් කර තිබියදී එම චක්‍රලේඛය අනුගමනය නොකර හිතුමනාපය මෙම මුදල් දීම අල්ලස් පනතේ දූෂණය නම් වරදට යටත් වෙනවා. එම නිසා පළමු සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත්, දෙවන සැකකාරිය පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇති බැවින් විමර්ශන අවසන් වන තෙක් සිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
පළමු සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.
මගේ සේවා දායකයාට පොදු දේපළ පනත යටතේ චෝදනාවක් එල්ල වන්නේ නැහැ ඔහුට අදාළ වෙන්නේ ඇප පනත විතරයි. ඒ අනුව ඇප පනත ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්රදානය කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
දෙවන සැකකාර ශිරන්තී රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය බන්ධනාගාර ගත වුවහොත් මරණයට පත්විය හැකි රෝගී තත්ත්වයන් පවතින බවය.
ඇය හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන 73 හැවිරිදි තැනැත්තියක් බවත්, බන්ධනාගාර ගත වුවහොත් වන්දනාගාරයේ පවතින තදබදය හේතුවෙන් ඇයට මරණය වුවත් අත්විය හැකි බවත් පැවසීය.
ජනාදීපති නීතිඥ අනිල් ද සිල්වා මහතා මෙසේද පැවසීය.
දෙවන සැකකාරිය පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මෙරට ලියාපදිංචි කරන ලද ආයතනයක්. එමගින් සමාජ සත්කාර රැසක් කර තිබෙනවා. එම ආයතනයේ භාණ්ඩාගාරික තැනැත්තිය මෙම දෙවන සැකකාරිය නෙවෙයි. සිරිළිය සවියා ආයතනයට වෙනම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. 2006 වර්ෂයේ සිට මේ ආයතනය මගින් සමාජ සත්කාර රැසක් කර තිබෙනවා. සිදුවී රාරයා ළමා රෝහලට එස් ආර් අයි යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කළ කළේද මේ ආයතනය මගින්. මේ කියන යන්ත්‍රයේ රුපියල් මිලියන 160 ක් පමණ වෙනවා. නමුත් ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාදී තිබුණේ මිලියන දහයක් පමණයි. මේ ගිණුම 2015 වසරේදී සම්පූර්ණයෙන් තහනමට ලක් කරනවා ඒ ගිණුමේ මුදල් එහෙම්මම තියෙනවා අපි ප්‍රයෝජනයට අරගෙන නැහැ. කිසිම වරදක් සැකකාරිය සිදු කර නැහැ. විශේෂයෙන් මෙම සැකකාරිය අක්ෂි රෝගයකින් පෙළෙන තැනැත්තියක්. එම නිසා එම මරණාසන්න රෝගී තත්ත්වයන් සලකා බලා සුදුසු ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා. සැකකාරිය දිලීප් ඇප්නියා රෝගී තත්ත්වයෙන් පෙලෙන බැවින් ඇය බන්ධනාගාරය තුළදී මිය යාමට වුව හැකි බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව රෝගී තත්ත්වයන් සලකා බලා ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉන්පසුව මහේස්ත්‍රාත්වරිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම කියා සිටියේ. අදාල ස්කෑන් යන්ත්‍රය පිරිනැමීමට මුදල් එකතු කල අවස්ථාවේ ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය බවට අදාළ රෝහලෙන් කිසිදු ඉල්ලීමක් සමාජ සත්කාර ආයතනයට ලැබී නොතිබූ බවට එවකට රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවත් එම විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය සඳහන් කරන ආකාරයට ළමා රෝහලේ සී .ටි ස්කෑන් යන්ත්‍රයක් එවකට තිබී ඇති බවත් විමර්ශන නිලධාරියා පවසා සිටියේය. එබැවින් සැකකාරිය විමර්ශන අවසන් වනත් එක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේත්‍රාත්වරිය පළමු සැකකරු අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට ඇප ලබාදීමේදී සලකා බැලිය යුත්තේ ඇප පනතේ 14 වන වගන්තිය බව පෙන්වා දුන්නාය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
දෙවනුව සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට නම් සුවිශේෂී කරුණු අවශ්‍ය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය සැකකාරියට මරණාසන්න විය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ද එම රෝගී තත්ත්වයන් තහවුරු කිරීමට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නාය. එබැවින් සැකකාරිය ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ අක්ෂි රෝග සම්බන්ධයෙන් අද 08දිනයේදී කොළඹ නවලෝක රෝහලේ සුපුරුදු විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ... මෙම චෞර පරම්පරාවේ මංඤං හැතිකරයෙ හොර අබ්බගාතයා කියන No-mole ත් රක්ෂිත බන්ධනාගාරයෙ සැතපෙන නිසා, හෙරලිය අම්මණ්ඩිට ගෙදර හදන රසවත් ආහාර පාන සැපයීම කරන්නේ කවුද කියලා අපට සාධාරණ උභතොකොටික ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. මුන්දෑගෙ අනිත් පුත්තු දෙන්නා හැංගිලා ඉන්න නිසා බත් මුල් රැගෙන බන්ධනාගාරයට එන්න බයයි ... මයිනාත් හැරමිටියෙන් ඇවිදීම කරන නිසා ඒවා කොරන්න ත් බෑ. අම්මන්ඩිට රට උළු ගෙදර කල්දේරම් බත් ගිලිමින් කාලය ගත කිරීමට තමා වෙන්නේ !!!