
(ටී.කේ.ජී.කපිල)
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.
ඇය ඉකුත් 16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .
ඇය , සිය පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මිය සමග පිටත්ව ගිය ද , ලිවේරා මහත්මිය දින කීපයකින් ආපසු මෙරටට පැමිණියාය.
එහිදී කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාම සදහා , ඇමෙරිකානු ඩොලර් 216 ක් ගෙවා , විශේෂ අමුත්තන් සදහා වූ " ගෝල්ඩි රූට් " ( Gold Route ) පහසුකම භාවිතා කර තිබුණි .
එමගින් ඇය සාමාන්‍ය ගුවන් මගීන් මගහැර , ඍජුවම සහ ප්‍රමාද වීම් වලින් තොරව මෙම මගී පර්යන්තය වෙත පැමිණීමට අවස්ථාව හිමි වන අතර , ඇයගේ ගමන් මලු ගුවන් තොටුපොළ සේවකයින් විසින් එම මගී පර්යන්තය වෙත රැගෙන එනු ලබන අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ රේගු නිලධාරීවරුන් ද මෙම පර්යන්තය වෙත පැමිණ නිශ්කාශන කටයුතු සිදු කර දීම මෙම පහසුකම යටතේ සිදු කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකොට ගියෙත් ඔතනින්මද ?
මොනවද ගත්තේ ෂොපින් ගිහිල්ල? අලුතෙන් හර්දය සාක්ෂියක් අරගත්තද...
සතුටුවෙන්න පුලුවන් ඒ ඩොලර් 216 ට අපිත් සම්මාදන් වෙලා තියෙනවා කියල.
ඔහොමම එෆ්.සී.අයි.ඩි එක පැත්තට ගිහිල්ල එන්න මැඩම් ...........
හත්වාලමේ වෙච්ච දෙයක්.
කෝ, අපිට චොකෝ ගෙනාවද?
සිංගප්පූරුවට යනකොට නම් ඔච්චර බඩු කන්දරාවක් අරං ගියේ නැහැ නේද ? අපේ රටේ ජනතාවගෙන් පිල්ලි ගහපු සල්ලි ගහපු එහෙ බැංකුවල පොදි ගහලා තියෙන නිසා හෙරලිය අම්මණ්ඩිට ඇති වෙන්න shopping කරන්න පුළුවන් වෙන්න ඇති ...
රාජපක්ෂ වෛරයෙන් පෙලෙන සක්කිලියො ආයෙත් වැඩට බැහැල.
කිසිම රටකින් දේශපාලන රැකවරණ දෙන්න බැහැ කියන්න ඇති?