
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර අැත
ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සඳහා ඉදිරි තක්සේරු සිදු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවේය,
ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
ඒ , රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු උත්තරීතර ආර්යාවනේ. එක්කෙනෙක් මදි. මණ්ඩලයක්ම ඕන. අනික ලෝකල් අයනම් කොලිටි මදි ශ්‍රී දේහයට.
හොරකම් කළෙ අපේ බදු මුදල් ඒ මදිවට තවත් අපෙ බදු මුදල් වියදම් කරනවා ලෙඩ හොයන්න???? මෙහෙම ගියොත් රටට තවත් පාඩුවක්,, හොරු මිනිමරුවන් වෙනුවෙන් වියදම් කරන මුදල් ඔවුන් ගෙන් අයකරගන්න නීතියක් හදන්න,, නැත්නම් රට ගොඩගන්නවා බොරු
ඔය චෞර, රට හූරන් කාපු ගෑනිට ඉහෙන් බහින "මහ ලෙඩක්" නැති බව පැහැදිලිවම පෙනෙනවා. උන්දෑ කරන්නේ රැවටීමක්, රගපෑමක් පමනයි ...