(රෝෂන් තුෂාර)
කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ "සිරිලිය සවිය" සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය.
එම නිසා තම සේවා දායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඇප ලබා දෙනවාට විරෝධතාවය ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ රෝහල් ගත කර ඇති මුත් හෘද සැත්කමක් සිදුකරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවය. සැකකාරියගේ පෙරහැසිරීම් දෙස බැලූ විට මෙයද පිළිගත නොහැකි බවද පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට සැබැවින්ම හෘද සැත්කමක් කරනවාද යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය එතෙක් කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්න අවශ්‍ය නැහැ , භාන්දනාගාර නිලධ්රින්ගේ ආරක්ෂාව යටතේ හර්ද සැත්කමක් කරනවා නම් ජාතික රෝහලේ හෝ ජයවර්ධනපුර රෝහලේ කරන්න පුළුවන් , පසුගිය සතියේ විදේශ වල රවුම් ගහපු මනුස්සයට එකපාරටම හර්ද රෝග හැදුනේ කොහොමද ?
මේ නිතිඥයා බොරු කිව්වොත් අධිකරණය නොමඟ යැවීම ගැන දඬුවම් කරන්න පුළුවන්ද?
මොවුන් රාජ කපටියො හැබැයි මේ සැරේ සවභාව ධර්මය මොවුන්ට මොන කපටි කමෙන්වත් ගැලවෙන්න දෙන්නෙ නැ
මහින්දලාගේ හොදම කාලේ ශ්‍රීලංකන් ප්ලේන් එකකුත් අරගෙන මුළු පවුලම සහ තවත් හිතවත් රාජ්‍ය සේවකයන් සහ බයියන් සියයකට ආසන්න පිරිසක් සමග මිලානෝ වලට පැමිනියා ට්‍රිප් එකක්.සියල්ල නැවතුනේ මිලානෝ වල මිල අධිකතම සැවොයියා රජ කුමාර හෝටලයේ. ශිරන්තිගේ පරිවාරකයා ලෙස පැමිණියේ කලක් නේවි එකේ හිටපු සහ එනිසාම ෙයා්ශිතව දන්න නුවර අම්පිටියේ හාදයෙක්. මෑන්ගේ ඥාතියෙක් ඉන්නවා මිලානෝ්හී සුප්‍රසිද්ධ කොන්සර්වතෝරියෝ් සංගීත පාසල පිටුපස. ඔහු මේ හාදයාට සහ නුවර ධර්මරාජයෝ් ටිකකට රාත්‍රී සාදයක් පැවැත්වුවා. මාද එයට සහබාගී වුණා. මේ ශිරන්තිගේ පරිවාරක හාදයාට නිතරම මහින්දගෙන් තෝල් ආවා. රහස්‍ය නොම්මරයකින් හදුන්වා ගන්නා ඔහුගේ කතාවලට මම සවන් දුන්නා. ඔහුට මහින්ද නිතරම උපදෙස් දුන්නේ ශිරන්ති සහ පිරිස ලොව මිල අධිකම සන්බාබිලා ඩිසයිනර් ෂොප් වලට යන විට කැමරා වලින් පරිස්සම් වන ලෙසයි. හැකි තරම් කඩවල පිටුපස දොරවල් වලින් යන්න උපදෙස් තමයි දුන්නේ….
ඇත්තටම මේ ගැහැණියට හෘද සැත්කමක් සිදුකරාද කියා සත්‍ය වශයෙන්ම දැනගෙන ඉදිරි කටයුතු කලොත් අධිකරණයේ ගෞරවය රැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. සැත්කමක් සිදුකරන්න තරම්, සාමාන්‍ය ජනතාවට මෙන් "හෘද වස්තුවක් " තිබෙනවාද කියා මගේ ආච්චි අහනවා ... උන්දෑ වසර ගණනාවක් තිස්සේ කරපු කියපු වනචර, පාදඩ ක්‍රියාකාරකම් නිසා හෘද වස්තුවක් තිබෙනවාද කියාත් සැක පහළ වෙනවා ...