හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමක් අනුව අද (1) උදෑසන එහි පෙනී සිටීමට මිරිහාන නිවසින් පිටත් වූවාය.
සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැරකර ඇති බවට සැක සහිත ගනුදෙනුවක් සිදු කළ බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීමට නියමිතව සිටියාය.
රාජපක්ෂ මහත්මිය මේ මොහොතේ කතානායක නිල නිවසේදී පොලිසියට කටඋත්තර ලබා දෙමින් සිටින බව එහි වාර්තා කියයි.
මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අසල රැඳී සිටියද ඇය කටඋත්තරය ලබාදීම සඳහා කතානායක නිල නිවසට ගිය බව කියති.
නිවසේ සිට රාජකාරියට යන බව කියන නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිවසින් පිටවන අවස්ථාවේ කාරය දක්වා මව සමග ගමන් කළේය. හමුදා සාමාජිකයකු නිල ඇඳුමෙන් තම නිවසේ සිටීමේ අයිතියක් ඇතැයි හමුදා ආරංචි කියයි.
යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයවීර මහතා කීවේ ඔහු නිවසේ සිටි බැවින් ඔහුට නිල ඇඳුම ඇඳ සිටීමේ ගැටළුවක් නැති බවයි.
ඡායාරූප - ශෙරෝන් සමරනායක
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශිරන්තිගේ කටඋත්තරේ කතානායක නිවසේදී
සමන්ත Monday, 01 June 2015 07:10 AM
මිරිහානේ නිවසින් පිටත් වුනා කියල කියනවා. දැන් එතකොට කොළඹ හරි හමන් ඉන්න තැනක් වත් නැහැ කියල නේද කලබල කලේ ? (ස)