IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


‘ශාරුක් ඛාන්ට ජයවේවා‘

බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී නිවේදක මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළේය. මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද වේදිකාවේ සිටියේය.

සල්මන් හා ශාරුක් බොලිවුඩ් තිරයේ තරහකාරයෝය.

රාජගිරියේ සල්මන් ඛාන්ද සහභාගිවූ උත්සවයකට ආ කාරයක් ගැටීමෙන් ළමයින් දෙදෙනෙක් තුවාල ලදහ.

එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

පොලිසිය කියනුයේ එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බව සොයාගෙන ඇති බවයි. වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඊට සමාන අනෙක් කාරය පුත්තම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බව පොලිසිය කියයි.

එම උත්සවයෙන් පසු සල්මන් ඛාන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

 

වීඩියෝ දර්ශන Lanka Truth වෙබ් අඩවිය අනුග්‍රහයෙනි



අදහස් (0)

‘ශාරුක් ඛාන්ට ජයවේවා‘

ප්‍රියන්ත Wednesday, 31 December 2014 08:56 AM

කොහොම බලය පතුරුවාගෙන හිටපු ආණ්ඩුවක්ද මේ තරමට බංකොලොත් වුනේ ?(හේ)

:       0       0

තුම්මුල්ලේ පද්මේ Wednesday, 31 December 2014 09:08 AM

තමන්ගේ නම වැරදියට කියනකොට සල්මන් ඛාන් බොහොම නිහතමානීව හිනාවෙලා හිටියා. වෙනකෙනෙකුටනම් තරහා යයි නේද ? කොහොමටත් ආධුනික නිවේදකයෙකු වෙන්න ඇති. සලමන් එක්ක එක වේදිකාවේ ඉන්නකොට පොඩි තිගැස්මක් ඇතිව ඉන්න ඇති. ඉතින් අපිත් උපේක්ෂාවෙන් හිනා වෙලා ඉමු. (ර)

:       0       0

විපුල Tuesday, 30 December 2014 07:34 PM

අපි නොදන්නා චෙස් (නදී)

:       0       0

කීර්ති රණවක Wednesday, 31 December 2014 03:55 AM

ජීවමාන බුදුන්ට පමණක් දෙවෙනි දළදා හාමුදුරුවෝ, ජයසිරි මහා බෝ සමිඳුන්, අසූහාර දහසක් වෙහෙර විහාර නොතකා තිරුපති වඳින නායකයන්, මුළු ජීවිත කාලයම කලාවට කැප කරපු අසහාය කලා කරුවන්ට ආනයනික ස්ටාර්ලා ලවා කොකා පෙන්නන නායකයන්, නූගත් වාචාලයන් ලවා උගතුන්ට අපහාස කරන නායකයන්,දවස පුරාම විරුද්ධවාදීන්ට මඩ ගහන මාධ්‍ය ,වන්දි බට්ටයන්ගේ පුහු ප්‍රශස්ති ගායනා අපට හිරිකිතයි .ගරු ජනාධිපති තුමාට මේක නොතේරෙන එක ගැන ඡන්දය දීපු අපට මහා වේදනාවක් දැනෙනවා (බ)

:       0       0

සඳුන් Wednesday, 31 December 2014 04:24 AM

අපට කෙළවේවා ! (බ)

:       0       0

ශිරෝ Wednesday, 31 December 2014 05:02 AM

මාරු වැඩේ. ඔක්කොටම අමු කැවිලා. සල්මන් ඛාන් ගෙන්නලා දේශපාලන වේදිකාවට නග්ගනවා. ගංවතුර ආදාර බෙදන්න ආවා කියනවා. ශාරුක් ඛාන්ට ජයවේව කියනවා. කලාකාරයෝ තමන්ටම ගහගත්තා කියනවා. නැ මන් ගැහෙව්වේ කියල මන්ත්‍රී කෙනෙක් බාර වෙනවා . අනේ මන්ද අපි මේවා බලන් ඉන්න ඕනේ ඔලුවෙන් කකුල් දෙකෙන් හිටගෙනද ඔලුවෙන් හිටගෙනද? (නදී)

:       0       0

අමරේ Wednesday, 31 December 2014 05:09 AM

එයාලට සලමන් ඛාන්.. අපි මෙහෙ හිඟා කාන්.. (නදී)

:       0       0

රංජ්ත් සිල්වා Wednesday, 31 December 2014 05:11 AM

අපිට වගේම මේ හින්දි නළුවන්ටත් පිස්සුද කොහෙද. නිකන් ඉන්න බැරුවට අතින් කයිට් වෙලා රැස්වීම් වලට යනවා. පව් අනේ. කඩේ යනවනම් ගානක් හම්බු කරගන්න තිබුන. (නදී)

:       0       0

ජනක Wednesday, 31 December 2014 05:13 AM

අනතුරෙන් පසුව තව කාර් එකක් ඒ නොම්මරයෙන්ම ඉපදිලා. නිවුන්නු වෙන්න ඇති. (නදී)

:       0       0

දිලාන් Wednesday, 31 December 2014 05:20 AM

අපි මෝඩයෝ කියල හිතනවා ඇති මේවා විශ්වාස කරන්න. (නදී).

:       0       0

එශාන් Wednesday, 31 December 2014 05:25 AM

සලමන්ට ඉන්දියාවෙන් නොසෑහෙන්න දෙහි කපල කියල ආරංචියි! (නදී)

:       0       0

අනු Wednesday, 31 December 2014 05:31 AM

ශාරුක්ට ජය වේවා(නදී)

:       0       0

ජිම් කේ Wednesday, 31 December 2014 05:36 AM

මෙවා තමයි කියන්නේ මෝඩ චුන් කියලා (නදී)

:       0       0

කුමාර් Wednesday, 31 December 2014 05:44 AM

අනේ හැබෑටම මෙහෙමත් නාටක? (නදී)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 05:48 AM

දේශපාලනය තිත්ත වෙනවා කරන වැඩ වලට (නදී)

:       0       0

ඔනිල් Wednesday, 31 December 2014 06:07 AM

කට වැරදි හෝ කියවෙන්නේ හිතේ තියන දේ තමා. (හේ)

:       0       0

රවී Wednesday, 31 December 2014 06:18 AM

මට නම් මේ හින්දි කෝලම ඇති වෙලා තියෙන්නේ. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 31 December 2014 06:32 AM

පිස්සු ඩබල්

:       0       0

අමා Wednesday, 31 December 2014 06:43 AM

සල්මන් දැන ගත්ත සලමන් නෙමේ ලකාවේ ශාරුක් දිනලා බව (නදී)

:       0       0

මලික් Wednesday, 31 December 2014 06:52 AM

ඔය රිය අනතුර ගැන දන්නෝ දනිති. (ර)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 31 December 2014 06:54 AM

මේ කාන් මහතා දොස්තර කෙනෙක්ද? (ර)

:       0       0

සන්ධ්‍ය රාජපක්ෂ Wednesday, 31 December 2014 06:56 AM

බොරු වැඩක්. සලමන් මොකටද ලංකාවේ ඡන්ද වලට. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site