(යොහාන් භාසුර)

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (16) පැවැසීය.

අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.