(රංජන් කස්තුරි)

වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස්වල හිඟයක් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

ලාෆ්ස් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රදේශ රැසකම තොග අවසන්වීම නිසා එම ගෑස් භාවිතයට ගන්නා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සඳහන් කළේ සති දෙකක පමණ කාලයක සිට ලාෆ්ස් ගෑස් තොග නොලැබුණු බවයි.

මේ අතර ගෑස් මිල දින කීපයකදී ඉහළ යාහැකි බවට පැතිර යන ආරංචි හේතුවෙන් ඇතැම් වෙළෙඳුන් ගෑස් තොග සඟවා ඇති බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.