IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙරළ රකින්න අලුත් වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

"වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්" සැකසීමට රජය තීරණය කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සංවිධානයෙන්  හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ  සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

"වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සදහා සකසන ලද  යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙහිදී ඉදිරිපත් කළේය.

මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ  කලාපය කළමනාකරණය සදහා කමිටු පිහිටුවනු ලබයි.

මෙමගින් වෙරළ කලාපය හා ධීවර වරාය වල පරිසර දූෂණය පාලනය කිරීම , අවම කිරීම හා වැලැක්වීම සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට හැකිවනු ඇත. 

 

 



අදහස් (0)

වෙරළ රකින්න අලුත් වැඩක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site