
(කේ බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)
මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකි.
මියගිය දෙදෙනාගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලිසිය පවසයි.
මෙලෙස මියගිය පුද්ගලයන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍යයන් කිහිපයක් කලවම් කිරීමට යාමේදී ඇතිවූ විස දුමක් කාන්දු වීම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකිව මෙලෙස මරණයට පත්වන්නට ඇතැයි සැක කරන බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
නිවසේ තිබෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවත් නිවස තුළ අදාළ විෂ වායුව තවමත් තිබෙන බැවින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නිවස තුළට යෑමේ අපහසුතාවයක් ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු මෙහෙයවිය.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
698
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විසක් කාන්දු වී දෙදෙනෙක් මරුට
දසත Tuesday, 13 August 2024 10:54 PM
ඡන්ද ලං වෙද්දී ලංකාවේ රසායනික ඇවිත් පාවිච්චි කරන්න ගත්ත උත්සාහය ද?