(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ලිඛිත අදහස් ඔක්ටෝබර් මස 18 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ඔක්ටෝබර් මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සමුළුවේදී ගන්නා බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

ලිඛිත යෝජනාවලට අදාල උපදේශන පත්‍රිකාව  www.pucsl.gov.lk  යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් වාචික මහජන උපදේශනයට සහභාගි වීමට 0718622800 දුරකථනයට අමතා ලියාපදිංචි වියයුතු බවත් සභාපතිවරයා කීය.

ලිඛිත යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, නො. 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට, 0112392641 ෆෑක්ස් අංකයට,  www.pucsl.gov.lk  වෙබ් අඩවියට,  [email protected]     විද්‍යුත් තැපෑලට හෝ  www.facebook.com/pucsl  ෆේස්බුක් පිටුවට හෝ යොමුකළ හැකි බවත් වැඩි තොරතුරු 0112392607-8 දුරකථනවලින් කාංචන සිරිවර්ධන මහතා ඇමතීමෙන් ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.