IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විමල් කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයයි

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 දී කැලණියේ උපන් ඔහු මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

විවිධ අසනීප හේතුවෙන් ඔහු කලක් පීඩා වින්දේය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ඔහු අද (20) දහවල් මිය ගිය බව පවුලේ ඥාතීහු කියති.

බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමාපට ගණනාවක ඔහු විශිෂ්ට රංගනයක් දැක්වීය. කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වන කොස්තා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක වැනි ටෙලි නාට්‍ය රැසකට ද සිය රංගන දායකත්වය ලබාදී ඇත.

ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටය ඔහුගේ පළමු සිනමා රංගනය විය. ඔහු අභිරූපණ රංග කලාවේද විශිෂ්ටයෙක් විය.

ඒ.ජේ.සෙල්වදොරේගේ ‘ගොඩෝ එනකං‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතයට අත්පොත් තැබූ විමල් කුමාර ද කොස්තා පසුව හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

webblogger-image-1761772884 webCINE-TARU-03



අදහස් (0)

විමල් කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයයි

ලුම්බිණි Sunday, 20 November 2016 11:18 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සෙනරත් Sunday, 20 November 2016 11:28 PM

සමහරු කෙනෙක් මියගියහමත් ඒකටත් දොස් කියන්නේ ආණ්ඩුවට. (නි)

:       0       0

ලක්මාල් Sunday, 20 November 2016 11:57 PM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජයාත් Monday, 21 November 2016 12:27 AM

හොඳ මිනිස්සු ඉක්මනට ජීවිතයෙන් සමුගන්නවා. ඒ ලෝකේ හැටි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

රාධා Monday, 21 November 2016 12:52 AM

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ - අතරතුරේ ඉපිද මැරේ දස දහස් වරේ. (නි)

:       0       0

සී.ගංගොඩ Monday, 21 November 2016 12:59 AM

ඔබට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

රකිත් Monday, 21 November 2016 01:16 AM

"සාගරයක් මැද" චිත්‍රපටියෙත් සිරකරුවෙකුගේ චරිතයක් නිරූපණය කළා මට මතකයි සිනමා සක්විති සමඟ. නිවන් සුව පතමි. (නි)

:       0       0

විජිත Monday, 21 November 2016 01:35 AM

ඔබට නිවන් සුව පතමි. අතිදක්ෂ නළුවෙක්. කවුරුත් වැඩිය කතා නොකරන තවත් දක්ෂතාවයක් තිබුනා. ඔහු ලංකාවේ මුල්පෙළේ අභිරූපන රංග ශිල්පියෙක්. 70 දශකයේ ඉතා ජනප්‍රියයි. අපි තරුණ කාලේ ඔහුව අනුකරණය කරන්න හදපු හැටි මතක්වෙනවා (නි)

:       0       0

අර්ජුන Monday, 21 November 2016 01:45 AM

එතුමාට නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

විකුම් Monday, 21 November 2016 02:18 AM

ඔබට දෙව් මිනිස් සැප කෙළවර නිවන් සුව පතමි! (නි)

:       0       0

කිත්සිරි Monday, 21 November 2016 02:21 AM

විමල් කුමාර ද කොස්තා කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

උපාලි Monday, 21 November 2016 02:49 AM

මා ඉතාමත් ප්‍රියකරන අව්‍යාජ රඟපෑමක් කරන්න පුළුවන් නිහතමානී නළුවෙක්. තවත් රටට කලාවෙන් සේවය කරමින් ජීවත්වෙන්න හැකිකම තිබියදීත් යන්න වුණේ අපේම නොලැබීමට. එතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

අනුර Monday, 21 November 2016 02:54 AM

ඉතා විශිෂ්ට කලාකරුවෙක්. මා කුඩා කාලයේ පටන් ඉස්කෝලේ යනකොට තොරණ හන්දියේ ගෙදර ඉන්නවා දකිනවා. ඔහුගේ රඟපෑම් අතිවිශිෂ්ටයි. බඹරු ඇවිත්, එක්ටම් ගේ, අැර සොයිසා, අහස් ගව්ව මා ආසා කළ චිත්‍රපටි. දැන් ඉන්නේ නළුවෝ එක්ක තිබ්බහම අහසයි පොළවයි වගේ (නි)

:       0       0

කමණි Monday, 21 November 2016 02:55 AM

ඔබට නිවන් සුව ලැබේවා!!!! (නි)

:       0       0

සෙන්සා Monday, 21 November 2016 03:17 AM

නිවන් සුව ලැබේවා!! (ම)

:       0       0

සුනිල්-රාජගිරිය Monday, 21 November 2016 03:24 AM

අති දක්ෂ රංගන ශිල්පියෙක්. එතුමාව අප නිසි පරිදි අගය කළාද කියා කනගාටුවක් ඇතිවෙනවා. නිවන් සුව පතමි. (බ)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 03:55 AM

සසර කෙළවර නිවන් සුවය අත්වේවා! (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා‍ Monday, 21 November 2016 04:12 AM

කණගාටුදායක පුවතක්. විශිෂ්ටයින්ගේ සමුගැනීමේ කාලයද කියලත් හිතෙනවා. රංගනය බොහොම කැපවීමක් කළ පුද්ගලයෙක් සහ ඔහු සහ ඔහුගේ රඟපෑම් අපගේ මතකයේ බොහෝ කාලයක් රඳවා පවතිනු ඇත. ඔහුට නිවන් සුව පතමි. (නි)

:       0       0

බුද්ධික Monday, 21 November 2016 05:05 AM

පව්ඩර් බබ්බු වගේ නළුවන් ඉන්න රටක නියම නළුවෙක්ගේ සමුගැනීම ඉතාම වේදනාකාරී දෙයක්.විශිෂ්ට කලාකරුවාණෙනි සසර වසන තුරු නිවන් දකින තුරු හෙළ දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා (ම)

:       0       0

සම්පත් Monday, 21 November 2016 05:23 AM

නිවන් සුව ලැබේවා !!! (බ)

:       0       0

සොපි Monday, 21 November 2016 05:43 AM

තමන්ටම ආවේණික රංග ප්‍රතිභාවක් විදහා පෑ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වුණත් මෙතුමාට නිසි ඇගයීමක් ලැබුනේ නැහැ. කොස්තා නැති සිනමාවක් නැති තරමටම මෙතුමා එකල සිනමාවට අත්‍යවශ්‍ය සාධකයක් වුණා. මරණය කාටත් පොදුයි. ඒත් නිසි තැන නොලැබීම ගැන දුකයි. ඔබතුමාට මොක්සුව අත්වේවා.....! (නි)

:       0       0

සුගත් Monday, 21 November 2016 05:51 AM

ඔබට නිවන්සුව කලාකරුවාණනි. (ම)

:       0       0

ප්‍රියන්ති Monday, 21 November 2016 05:54 AM

කණගාටුදායක පුවතක්. නිවන් සුව ලැබේවා (ම)

:       0       0

නදී Monday, 21 November 2016 05:54 AM

ඔබගේ රංගනයෙන් අප කුල්මත් කර රසික සිත් සතන් හාස්‍ය උත්පාදනය කළ ඔබට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

පාලිත Monday, 21 November 2016 06:12 AM

ඔබට නිවන් සුව ලැබේවා. හොඳ අය යනවා රුකඩ පමණක් ඉතුරු වෙනවා. හරි කණගාටුයි (ම)

:       0       0

රත්න Monday, 21 November 2016 06:26 AM

දයාබර කලාකරුවානනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රූපාවති Monday, 21 November 2016 06:48 AM

ආදරණීය කලාකරුවාණෙනි ..ඔබට නිවන් සුව ..!! (ම)

:       0       0

ගොඩගේ Monday, 21 November 2016 06:51 AM

කලාකරුවණනි, ඔබට නිවන්සුව ලැබේවා....!!! (ම)

:       0       0

සරත් Sunday, 20 November 2016 12:07 PM

විමල් කුමාර ද කොස්තා විශිෂ්ට රංගන ශිල්පියෙක් ඔහුට නිවන් සුව අත්වේවා (හේ)

:       0       0

සම්පත් චතුරංග Sunday, 20 November 2016 12:11 PM

නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ආසිරි Sunday, 20 November 2016 12:11 PM

දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !!! (හේ)

:       0       0

ඉසුරන්දි Sunday, 20 November 2016 12:23 PM

විශිෂ්ට කලාකරුවෝ දැන් දැන් සියල්ලෝම වගේ දැන් සමුගන්නවා.මෙවැනි ප්‍රවීන කලාකරුවන් ගැන මාධ්‍ය මගින් අලුත් පරපුර අතරට රැගෙන යනවනම් ගොඩක් වටිනවා.කලාකරුවාණනි ඔබට නිවන් සුව පතමි.(හේ)

:       0       0

තිස්ස Sunday, 20 November 2016 12:28 PM

තවත් කනගාටු දායක ආරංචියක්. විමල් කුමාර කොස්තා මහතා ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" සිනමා පටයේ විප්ලව කාරී තරුණයෙකුගේ චරිතය තුලින් විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයෙන්ද ඔහු තම ප්‍රතිභාව හොඳින් ඉරිරිපත් කළා. විමල් කුමාර් කොස්තා මහතාට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ගාමිණී Sunday, 20 November 2016 12:35 PM

ඔහුට නිවන් සුව අත්වේවා (බ)

:       0       0

හේමන්ත Sunday, 20 November 2016 12:47 PM

ජිවිතය අනියතය මරණය නියතය. ඔබට නවන් සුව.! (හේ)

:       0       0

අනුරාධ Sunday, 20 November 2016 12:47 PM

ආදරණීය රංගන ශිල්පියාණනි ඔබට නිවන් සුව! (හේ)

:       0       0

පුබුදු Sunday, 20 November 2016 12:52 PM

විශිෂ්ට කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !!! (හේ)

:       0       0

මිගඳ Sunday, 20 November 2016 12:55 PM

ලෝකයේ ශ්‍රේෂ්ට කලා කලාකරුවන්ට ඉතාම අසුබ වසරක්! නිවන් සැප ! (හේ)

:       0       0

අශාන් Sunday, 20 November 2016 01:00 PM

ශ්‍රී ලාංකීය කලා කෙත පාලුවීගෙන යන බවයි පෙනෙන්නේ.මොහු අති දක්ෂ නළුවෙක්. ඔබට දෙවි පිහිට පතමි.(හේ)

:       0       0

ආනන්ද Sunday, 20 November 2016 01:13 PM

දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත්වේවා ! (හේ)

:       0       0

සඳරුවන් Sunday, 20 November 2016 01:16 PM

කලාකරුවණනි, ඔබට නිවන් සුව අත්වේවා (හේ)

:       0       0

මිල්රෝයි Sunday, 20 November 2016 01:28 PM

කලාකරුවණනි, ඔබට නිවන් සුව අත්වේවා (බ)

:       0       0

වික්ටර් Sunday, 20 November 2016 01:34 PM

ඉතාමත් දුකයි මගේ හොඳම කළා කරුවෙකුගේ අභාවය ගැන . ඔබ අපට දුන් අසීමිත් සතුටට අපි ඔබව හැමදාම මතකයේ තබා ගන්නවා.(හේ)

:       0       0

දෙව්මිත් Sunday, 20 November 2016 01:36 PM

මේ අග්‍රගන්‍යය කලාකරුවන් ජීවත් වෙලා ඉන්නකම් අපේ රටේ පාලකයන් කිසිදෙයක් කරන්නේ නැතිව මැරුණට පස්සේ කියන රටට ලොකු පාඩුවක් වුනා කියලා කොස්තා මහත්තයට නිවන් සුව (හේ)

:       0       0

ප්‍රියන්ත සුමනදාස Sunday, 20 November 2016 01:36 PM

ඔබ ශ්‍රේෂ්ඨ කලාකරුවකේ ඔබට නිවන්සුව (හේ)

:       0       0

සේනක Sunday, 20 November 2016 01:56 PM

ඔබ අමරනීයයි නිවන් සුව! (හේ)

:       0       0

චමල් Sunday, 20 November 2016 01:59 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

කුමාර Sunday, 20 November 2016 02:13 PM

දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත්වේවා (හේ)

:       0       0

ධම්ම Sunday, 20 November 2016 02:16 PM

ඔබට නිවන් සුව කලාකරුවාණනි! (හේ)

:       0       0

සුදත් ශ්‍රී Sunday, 20 November 2016 02:45 PM

ඔබට නිවන් සුව කලාකරුවානණි. (හේ)

:       0       0

බණ්ඩාර Sunday, 20 November 2016 02:46 PM

ඉතාම ප්‍රතිභා පුර්ණ කලාකරුවාණෙනි ඔබට නිවන්සුව අත්වේවා ! (හේ)

:       0       0

නවරත්න Sunday, 20 November 2016 02:48 PM

දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !! (හේ)

:       0       0

බෙනට් Sunday, 20 November 2016 03:04 PM

සියලු වටිනා මිනිසුන් අහිමි වී යනවා ..(හේ)

:       0       0

ආනන්ද Sunday, 20 November 2016 04:17 PM

ආදරණිය විමල්. ඔබගේ රඟපෑම අති විශිෂ්ටයි. බඹරු ඇවිත් සිනමා පටය අපට කිසිදා අමතක නොවේ. ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

ප්‍රියංකර Sunday, 20 November 2016 04:30 PM

ලංකාවේ සිටි අතිවිශිෂ්ට රංගන ශිල්පියෙක්. නිවන් සුව! (නි)

:       0       0

ආනන්ද Sunday, 20 November 2016 04:58 PM

විමල්, ආදරණීය විමල්, ඔබට අප ණයගැති වන්නේ ඔබෙන් අප ලැබූ දෙයට අපෙන් ඔබට යමක් කිරීමට නොහැකි වූ බැවිනි. ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

අතුල Sunday, 20 November 2016 05:03 PM

කණගාටුදායක ආරංචියක්. හරිම දුකයි (නි)

:       0       0

අජිත් Sunday, 20 November 2016 05:03 PM

සදාදර කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

විජිත් Sunday, 20 November 2016 06:52 PM

අහස්ගවුවේ රැකියාවිරහිත දුප්පත් තරුණයෙක් ලෙස ඔහු කළ රඟපෑම අදත් මේ මොහොතේත් මට මැවී පෙනෙනවා. විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

ඉසුරු Sunday, 20 November 2016 08:19 PM

හොඳ වටිනා මිනිස්සු හිඟවෙනවා, බොරුකාරයෝ ටික ඉතුරුවෙලා (නි)

:       0       0

ජනහිත Sunday, 20 November 2016 08:56 PM

මා ඉතාමත්ම අගයකළ කලාකරුවෙක් තමයි විමල්. ඔහුගේ රඟපෑම ඔහුටම ගැළපෙන වෙනත් කෙනෙකුට සමකළ නොහැකි රඟපෑමක් බව කවුරුත් පිළිගන්නවා ඇති. මා මුලින්ම රැකියාවට පැමිණ කැලණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටියදී ඔහු දැක්ක වාර අදත් සිහිකළ හැකියි. ඔහුගේ කලා නිර්මාණයන් අතිවිශිෂ්ටයි. ජීවිතය පූරා රඟපෑ විමල් දැන් ජිවිත රඟමඬලින් බැසගොසිනි. එ්ත් අපේ යුගයේ කලාකරුවාණෙනි, ඔබ අප සිත් තුළ සදා ජීවමානයි. විමල්ට මොක් සුව පතමු. (නි)

:       0       0

පුෂ්ප Sunday, 20 November 2016 09:39 PM

නිවනින් සැනසීම ලැබේවා!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 87 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 867 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 454 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 245 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 770 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 717 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site