IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 22 වැනිදා සිට පැවැත්වීීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද (17) නියම කළාය.

නඩුව සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව කියමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් නඩුවට අදාළව විත්තියට ලබා දියයුතු සියලු ලේඛන මේ  වන විට ලබාදී අවසන් බවත් විත්තිකරු අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ පාර්ලිමේන්තුවෙන් ඔහුට ගෙවු වැටුප් හා දීමනා පිළිබඳ වාර්තාවක් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති හෙයින් එම වාර්තාව සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීමට තමන් අපේක්‍ෂා කරන බවත් කීය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරිය අදාල කාල සීමාවේ නිල වශයෙන් විත්තිකරුට වැටුප් හා දීමනා ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ සාක්කි මේ අවස්ථාවේ මෙහෙයවීමට අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දුන්නාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු හෙයින් වැඩිදුර විභාගය වෙනත් දිනයකට යොමු කරන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබු විනිසුරුවරිය සිතාසි ලැබුණහොත් අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට අවවාද කළාය. 



අදහස් (0)

විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site