IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


විදෙස් සංචිත ගැන නන්දලාල් කරුණු පහදයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසර අවසානයේදී මෙරට දළ විදෙස් සංචිතවලට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් එකතු වනු ඇති බවත් ඒ අනුව ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා කළ ඉහළම දළ විදෙස් සංචිත ප්‍රමාණයට මෙම වසර අවසානය වනවිට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී ලබන මස 15 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව මෙරට පස්වැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීමත් සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 340 ක පමණ මුදලක් මෙරටට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 370ක පමණ මුදලක් ලබන මාසයේදී අයවැය සහාය ලෙස මෙරටට ලබාදීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. එසේම තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක පමණ මුදලක් ලෝක බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරට දළ විදෙස් සංචිත බිලියන 6 සීමාව ආසන්නයේ පැවැති බවත් එය පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ යාමක් වුවත් වසර අවසාන වනවිට ආර්ථික අර්බුදයෙන් පසුව වසර අවසානයේ වාර්තා කළ ඉහළම දළ සංචිත ප්‍රමාණය වාර්තා කිරීමට මෙරටට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දළ විදෙස් සංචිත සම්බන්ධයෙන් මෙරටට ලබාදී ඇති ඉලක්කය සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවැසුවේය.

ආසියානු සංවර්ධන බැංකුව අයවැය සහාය ලෙස ලබන මාසයේ ලබාදීමට නියමිත මුදල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රමාදවූ මුදලක් බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා අද (26) මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇත්තේ එම බැංකු අර්බුදයකට පත්ව සිටින නිසා නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. එම බැංකු දෙක කුඩා බැංකු දෙකක් බවත් එම බැංකුවල තිබෙන්නේ බැංකු පද්ධතියට සාපේක්ෂව වෙනත් ව්‍යාපාර මොඩියුලයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම රාජ්‍ය බැංකු දෙකක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන් රජයට නිර්දේශ කර සිටියේ කුඩා බැංකු ලොකු බැංකු සමග එක් කරන ලෙස බවත් යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස රජය එයට එකඟ වී මෙම බැංකු දෙක ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

නිවාස ණය පමණක් ලබාදෙන බැංකු එහි ව්‍යාපාරික මොඩියුලය අනුව පවත්වාගෙන යාම අසීරු බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එම බැංකු තැන්පතු කෙටි කාලයකට ගෙන ණය දීර්ඝ කාලයක් සඳහා ලබාදෙන බවද ඔහු පැවැසුවේය. ඊ.පී.එෆ් එකේ ණය ලබාදුන් විට ඇතැම් පිරිස් ඒවා නොගෙවා හරින බවත් එවිට ගිණුම් හිමියාට පොලියද අහිමි වී යන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් රජය මෙම තීරණයට එකඟ වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳව රජයට ස්තුතිවන්ත වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

මෙම වසරේ පළමු මාස 9ය තුළ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පුද්ගලික අංශයට රුපියල් බිලියන 1365 ක ණය ප්‍රමාණයක් ලබාදී තිබෙන බවත් එය පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව සියයට 22.1 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ පුද්ගලික අංශයට ලබා දෙන ණය තවත් වර්ධනය කර ගැනීමට මෙරට බැංකු පද්ධතිය හැකියාව තිබෙන බවයි.

ඉතිහාසය දෙස බලන විට 2017, 2018 වසරවලදී මෙරට වාණිජ බැංකු පුද්ගලික අංශයට ලබාදුන් ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට මෙම වසරේදී තවමත් එම සාමාන්‍යයට ළඟා වී නොමැති බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය ව්‍යාසයන් මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගන්නා ණය සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බවත් බැංකුවලින් ලබාගෙන තිබූ ණය ගෙවීම රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ කර තිබෙන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

ඒ හේතුවෙන් පුද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය කර ගැනීමට අමතර ඉඩක් ලැබී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. පුද්ගලික අංශයට ලබාදෙන ණය අනවශ්‍ය ලෙස වර්ධනය වී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම අද (26) වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5 කින් අවප්‍රමාණය වී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.



අදහස් (1)

විදෙස් සංචිත ගැන නන්දලාල් කරුණු පහදයි

Niranga Wednesday, 26 November 2025 04:25 PM

ඩොලරය අඩුකරපල්ලාකෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 218 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site