
(රංජිත් රාජපක්ෂ )
විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ (40) සහ ගගණ මධුසංඛ (17) යන අයයි.
ජිවිතක්ෂයට පත් අය වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදි ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇත.
පසුව කාමරයක් තුල විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර මොවුන් නින්දට ගොස් ඇති අතර , අද (23) අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය සොයා බලා තිබේ.
අනතුරුව පුපුරැස්ස පොලිසිය දැනුම් දි ඇත.
විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු කාබන්මොනොක්සයිඩ් වායුව අග්‍රාණනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය පැවසිය.


COMMENTS
මෙයාල මෙතරම් නොදැනුවත් අයද .. මීට කලිනුත් මෙ වගෙ සිද්ධිය ක් වෙලා 3 විතර මැරුණ.
හුඟදෙනෙක් විද්‍යාව ඉගෙන ගන්නේ සම්මානයක් ඒ අකුරක් ගන්න මිසක් ජීවිතයේ යථාර්ථයට හරවත්ව යොදාගන්න නොවෙයි. අපේ පසුගාමිත්වයට හේතුවෙන මේ සමහර පුහුු මතිමතාන්තර සියල්ලටම පිළිතුරු ඉස්කෝලේ උගන්වන විද්‍යාවෙන් ලැබුණත් තවම පරණ පාරේම යනවා. දෙහිගෙඩි එල්ලන දොස්තරලා ඉන්නවා.
මෙයාට කළිනුත් ගෑස් උඳුනක් කාමරේ තියාගෙන ඉඳලා තරුණ යුවලක් මැරුණා. මේ මිනිස්සුන්ට කිසිම දේකින් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. අපරාදෙ මේ තරුණ ළමයි සහ ඔහුගේ පියාගේ ජීවිතය නැතිවුණේ...!