IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මූල්‍ය විගණනයට අවශ්‍ය  තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස්කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය දීමට ලෝක බැංකුව දෙන බවත් ඒ මහතා කීය.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය

චන්දන Friday, 22 September 2023 09:25 PM

විකුණා දැමීමට යෙදෙන තවත් වචනයක්... ප්‍රතිව්‍යුහගත කිරීම. ලෝක බැංකුව උඩින්ම සපොට් කරයි. ඒකට අමුතු උත්සාහයක් ඕන නැහැ. ඉදිරියේදී ලංකාවට විදුලිබල හා බලශක්ති ඇමැති කෙනෙක් ඕනැ නැහැ.

:       14       4

පැරකුම්Friday, 22 September 2023 10:02 PM

චන්‍දන හිතට එකඟව කතා කරන්න... රජය විසින් ව්‍යාපාර කරලා දියුණු වෙච්චි රටවල් අති දුර්ලභයි. අපේ රට ගොඩගන්න නම් උපරිම මට්ටමෙන් පෞද්ගලික අංශය හවුල් කරගත යුතුයි යනු මගේ මතයයි...!

:       2       19

රජිත Saturday, 23 September 2023 12:46 AM

කිසිම රටක් තමන්ගේ විදුලි grid එක පුද්ගලීකරණය කරන්නේ නෑ. මොනවත් නොදැන මෝඩයෝ තමයි හැමදේම පුද්ගලීකරණය කරන්න ඕනේ කියලා හිතන්නේ..!

:       2       1

චන්දනSaturday, 23 September 2023 07:18 AM

පැරකුම් කියන රට ලංකාව තුළ ගොඩනගන්න තව සෑහෙන කාලයක් යයි. ඒකට නිසි නියාමනයක් තියෙන්න ඕනෑ.. ලංකාවේ මොකක්ද හරියට නියාමනය කරලා තියෙන්නේ...? හොඳම උදාහරණයක් කියන්නම්... ඇමොක්සික්ලේව් කියන ඖෂධය තොගමිල රුපියල් 49.50 යි. නමුත් ඒක විකුණන්න මුද්‍රණය කරලා තියෙන මිල රුපියල් 100.00 යි. එහෙම රටක් මේක. දැනට ලංකාවේ ආණ්ඩුව කරන එකම දේ උහුලන්න බැරි විදියට රටේ මුළු ජනතාවටම එක විදියට බදු පනවපු එක. ඒකේ වාසිය පෞද්ගලික අංශය හොඳින් භුක්ති විඳිනවා. අද හැම මිනිහාම බලන්නේ බිස්නස් එකක් කරන්න ඇයි ඒ?

:       2       1

chandima Saturday, 23 September 2023 02:57 AM

මේ කියන්නේ අර විදුලිබල මණ්ඩලයේ විසුරුවලා ඉන්දියාවෙන් විදුලිය ගෙනත් එව්ව ලංකාව තුළ බෙදාහැරීම ඉන්දියානු සමාගම් වලට දෙන්න යන වැඩේනෙ නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 199 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1063 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site