IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි

(සුජිත් හේවාජුලිගේ)


පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය  පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ  (21)  ඉවත් කෙරිණ.

අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එසේ ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නැති හෙයින් එම නාමය පාවිච්චි නොකරන බවයි.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලද තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවිය සඳහන් නොවන බව ප්‍රකාශ කළ අබේසේන මහතා කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බව ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කර තිබියදී අමාත්‍යවරයාගේ දැනුම් දීමෙන් එම පදවි නාමය පසුගියදා ඉවත් කෙරිණ.

තමා එවැනි නාමයක් දැනුම්දී නොතිබියදී  පාර්ලිමේන්තු වෙබ් අඩවියට ආචාර්ය පදවි නාමයක් ඇතුළත් කිරීමෙන් අපහාසයක් සිදුවූ බව පවසමින් හර්ෂණ නානායක්කාර මහතා  කළ  පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් කරමින් සිටි.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය පාලනය කරන සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා වරින් වර කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබිණ.



 

 



අදහස් (17)

විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි

අරුණි Wednesday, 22 January 2025 09:43 AM

අනේ ඉතිං! මේ රැවටීමේ ප්‍රතිඵල අද හතර වටින්ම දෝරේ ගලනවා. අගමැතිනියද ඇතුළුව මේ පිරිස කල මේ මහා ජනතා රැවටීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝශාභියෝගයන් ගේන්න බැරිද? සමස්ත රටක් නුසුදුසු අදක්ශයන්ගේ පාලනයට නතුව පීඩා විඳිය යුතුද? මතිවරනයකට ප්‍රථම ප්‍රතිපාදන නැද්ද?

:       56       156

PrasadanaWednesday, 22 January 2025 10:26 AM

වෛද්‍ය විදුහල විසින් පිරිනමන මහාචාර්ය පදවි, විශ්‍රාම යැමෙන් හෝ තවදුරටත් කථිකාචාර්ය නොවේනම් (මන්ත්‍රී වූ නිසා) ඉබේ අහෝසි වේ. නොදන්නා කම පෙන්වන්න එපා

:       81       32

ChannaWednesday, 22 January 2025 11:16 AM

ප්‍රශ්නය එසේ වන බව දැන දැන ඇයි මහාචාර්ය පදවිය භාවිතා කලේ

:       4       18

Rata PerataWednesday, 22 January 2025 12:43 PM

අදහස් දාන්න ඉස්සෙල්ලා ඕවා ගැන අර කුඩු දුනියලා, හොර පෙරකදෝරුවෝ, එතනෝල් කාරයෝ ඉන්නකොට කතා කළේ නැත්තේ ඇයි?

:       13       14

Janitha Wednesday, 22 January 2025 09:48 AM

අම්මේ, ඉතින් මේවා කොහොමහරි අපි විශ්වාස කරන්නම් හොඳේ. ලොක්කටත් කජ්ජක් නැහැ, පොඩි උන්ටත් නැහැ. ලොක්කා හිතගෙන කරන ඒව පොඩි උන් දුව දුවා කරනවා

:       28       88

fairoos Wednesday, 22 January 2025 11:00 AM

පදවිවලින් වැඩක් නෑ. හිටපු අයවගේ හොරාකන්නේ නැතිව රටට සේවයක් කළොත් ඇති...

:       11       23

මැක්ස් Wednesday, 22 January 2025 11:17 AM

දිනෙන් දිනම එන්පිපි කැචර්ලාගේ රෙදි ඉල්ලේ කරන ආණ්ඩුවේ හොර උගතුන්ට අපගේ ආචාරය!

:       12       8

duminda weera Wednesday, 22 January 2025 11:39 AM

අනේ පවු ජෙප්පෝ...

:       15       19

සිල්වා Wednesday, 22 January 2025 12:01 PM

ඇමැතිතුමා, දැනට වෙළෙඳපලේ තිබෙන ගෑස්වල ප්‍රමිතිය ටිකක් බැලුවා නම් හොඳයි. පාවිච්චි වන දින ගණන සැකයි.

:       1       16

ගමේ එකාලා Wednesday, 22 January 2025 12:11 PM

හොර පෙරකදෝරුවා, මයිනා, මොළහතා, රොකට්ටුවා අපරාදේ කියන්න බැහැ. හොඳටම සුදුසුකම් තියෙනවා.. හොරකමට, වන්චා, දූෂණ, මිනිමැරුම්, බොරු...

:       22       21

යෝගා Wednesday, 22 January 2025 12:35 PM

මේක කොහොමත් විය යුතු සාමාන්‍ය දෙයක්. මාධ්‍ය වලට දීලා ලකුණු දාගන්න හදන්න එපා. පඹයෝ 159 දෙනාගෙන් එකෙක් වෙච්චි ඔයා විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්චි එක නම් ලොකු දෙයක්...

:       12       21

Ruwan R Wednesday, 22 January 2025 12:43 PM

ලැජ්ජාවක් නැති කමෙන්ට් කල්ලිය ආයෙත් ඇවිල්ලා. ඒයාලාට මේවා තමයි දැන් මාතෘකා ..

:       11       20

පොදුජනයා Wednesday, 22 January 2025 02:40 PM

ජනතා ඡන්දෙකින් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ මංත්‍රී ලෙසටත් ජාතික ලැයිස්තුවෙන් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මංත්‍රී ලෙසටත් පත්කරනවා මිස පාර්ලිමේන්තුවේ නොමැති තනතුරු වන ආචාර්‍ය ,මහචාර්‍ය දොස්තර,ඉංජිනේරු .ගණකාධිකාරී.කපිතාන් .ජෙනරාල් වගේ තනතුරු පාර්ලිමේන්තුවේ සිටිනතාක් නමට මුලින් පාවිච්චියට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවානම් ඉතාමත් හොදයි මොකද අපි කවුරුවත්ම පාර්ලිමේන්තුවට මංත්‍රී කෙනෙක් හැටියට මිස දොස්තරල ඉංජිනේරුවරු ආචාර්‍යවරු මහාචාර්‍ය වරු පත්කරල පාර්ලිමේන්තු යවන්නෙ නැහැනේ ජනතාව බලය නොදුන් තනතුරු තහනම් කල යුත්තේ එනිසාම තමයි

:       0       1

අනීෂා Wednesday, 22 January 2025 03:44 PM

මෙතුමා හරි විදියට වැඩ කරලා තියෙනවා කිසිම දෙයක් දන්නේ නැති වුන් කියන කතන්දර මේවා.... පාර්ලිමේන්තු න්‍යාය අනුකුලව ඇමැති තනතුරක් දරනවා නම් ඔහු හෝ ඇය රජයේ වෙනත් සේවයක සිටි නම් එයින් ඉවත් විය යුතුයි. ඡන්දේ ඉල්ලුවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් දිවුරුම් දුන්නා පසු එම තනතුරෙන් ඉවත් විය යුතුයි. මේක ඉන්න බයියෝ නටන්නේ මෙතන එතුමාට එම සුදුසුකම නෑ වගේ....

:       10       9

Third EyeWednesday, 22 January 2025 04:32 PM

අනීෂාගේ පැහැදිලි කිරීම හරි. ගොඩක් අය නොදන්නා කම සහ මෝඩ කම පෙන්නනවා විතරයි.

:       5       11

Gihan Wednesday, 22 January 2025 04:10 PM

අම්මෝ රට පෙරට, ෆයිරූස් හෝදන හේදිල්ල....ආයේ ලොවෙත් නෑ..මාර ලොන්ඩරි ටිකක්...

:       4       8

කිෂාන් Wednesday, 22 January 2025 05:48 PM

එසේ නම් ජීඑල් පීරිස්ටත් මහාචාර්ය කියලා පාර්ලිමේන්තු සමය දේවලුත් පස්සෙදීවත් කියන්න බෑ. අනෙකුත් අයටත් එසේමයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තිස්ස පැත්තකට වෙයි
2025 පෙබරවාරි මස 16 745 2

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 16 240 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


වාර්ෂික කලා පොළෙන්
2025 පෙබරවාරි මස 16 152 0

ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැව


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
2025 පෙබරවාරි මස 16 474 1

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු


සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට
2025 පෙබරවාරි මස 16 847 1

විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තු


අදානි සමගාම වාසිගන්න නාට්‍යයක් කරනවා
2025 පෙබරවාරි මස 16 756 4

අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගම


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 270 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 140 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 969 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site