(සිරාජ් හසීම්,එස්.ප්‍රදීපන්)
සමුහ දූෂණයට ලක් කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.
වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇති අතර යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරු ද මෙම විනිසුරු මඩුල්ලට අයත් වෙති.
යාපනය කයිඩ්ස් පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය ඉකුත් 2015 මැයි 13 වැනිදා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණු අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු අතර මෙහි සැකකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.
COMMENTS