( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අවුරුදු එකහමාරක දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය සඳහන් කරයි
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර, වත්තල්පොල,පදිංචිව සිටි මොහොමඩ් ඔබේයි මෙයිස් නමැති දරුවෙකි.
මියගිය දරුවාට වැඩිමල් අවුරුදු 11 සහ 7 වයසේ පසුවන වැඩිමහල් සොයුරියන් දෙදෙනා තවත් කුඩා දරුවන් කිහිප දෙනකු සමඟ නිවස පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ මව මුළුතැන් ගෙහි සිට ඇතැයි පොලිසිය කියයි.
පුතා පෙනෙන්නට නොසිටි බැවින් ඒ පිළිබඳ පියා සමග වැඩිදුර සොයා බැලීමේදී ගබඩා කාමරය තුළ තුල පිහිටා තිබෙන වැසිකිළි වළෙහිදරුවා වැටී සිටිනු දැක ඇත
ඒ සමඟම දරුවාව පියා සමග එක්ව ගොඩගෙන අසල්වාසී පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කොන්ක්‍රීට් වළලූ බස්සවා ඇති අඩි 6 කට අධික ගැඹුරින් යුත් වැසිකිලි වල මතුපිටින් ආවරණය සඳහා යොදා ඇත්තේ කුඩා තහඩු කැබැල්ලක් සහ කාඩ්බෝඩ් බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැසිකිලි වළට වැටී දරුවෙක් මරුට