(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක් පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩකඩ සැලසූහ.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට වැඩිමිලට විකිණීම සඳහා කැකුළු සහල් තොගයක් රැගෙන එන බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් ඇල්පිටිය පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම ලොරියේ කිලෝ 15000 ක කැකුළු සහල් මිටි 400 ක් තිබූණ බවත් අත් අඩංගුවට ගත් සහල් තොගයම ඇල්පිටිය නගරයේ පිහිටි එම වෙළඳසැල අසලම තබාගෙන කිලෝවක් රුපියල් 220/= බැගින් පාලන මිලට පාරිභෝගිකයන්ට ලබා ගැනීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.
මෙම සහල් ගෙනවුත් ඇත්තේ කිලෝවක් රුපියල් 280/= බැගින් විකිණීමට බවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.පාරිභෝගික අධිකාරියේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂක කපිල බණ්ඩාර,ගාල්ල දිස්ත්‍රික් ප්‍රධානී බී.ගොඩගම,විමර්ශන නිලධාරී සජිත් රන්කෙන්දමුල යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට
ගුණරත්න Monday, 27 January 2025 10:07 AM
මේක නම් රාජ්‍ය ත්‍රස්තවාදය, ඒ මනුස්සයා වැඩි මිලට මිලදී ගත් සහල් තොගයක් නම් පාඩුව ගෙවන්නේ කවුද? මේ දවස් වල අමු වී කිලෝ එක 150 ක් 170ක් වගේ ගණන් වලට විකිණෙන කාලෙක හාල් කිලෝ එක 220 විකුණුවා කියන්නේ ලොකු පාඩුවක් වෙන්න ඇති.
ජයනාත්Monday, 27 January 2025 04:09 PM
අමු වී 170 ගන්නේ කවුද? මේ කරපු වැඩේ හරියට හරි. මේ 80, 90 ගනිපු වී.. හාල් මාෆියාවට හොඳ උත්තරයක්. කළු කඩ කාරයෝ නැතිකළ යුතුයි..