IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට  පසුගිය සතියේදී  ඉදිරිපත්වී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන්ටද රාජ්‍ය සේවකයන්ට  දෙන වාහන බලපත්‍රයට සමාන බලපත්‍රයක් දී   රටට වාහන ගෙන්වීමට අවසර ලැබෙන අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය නිකුත් කරන ලෙසටද  වශයෙන් එම අලුත් යෝජනාව ඉදිරිපත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාවද  ජනාධිපතිවරයාට යොමු කරන බව   කතානායකවරයා එහිදී  ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් මුලින් යෝජනා කර තිබුණේ  ඔවුනට කලකට පෙර ලැබුණු කෝටි දෙකකට වැඩි වටිනා වාහන බලපත්‍රයයි.

රාජ්‍ය සේවකයන් දෙදහසකට තීරු බදු රහිත  වාහන බලපත්‍ර දැනට නිකුත් කර ඇති අතර වාහන ආනයනය කිරීමේ තහනම හේතුවෙන් එම බලපත්‍ර වෙනුවෙන් වාහන ලබා ගැනීම මෙතෙක් නොහැකිවී ඇතැයි  පැවසේ.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොපමාව ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ  මන්ත්‍රීවරු 116  දෙනෙක්    අත්සන් කළ ලියවිල්ලක්   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  පසුගියදා බාර දුන්හ.

අනතුරුව එම ලියවිල්ල කතනායකවරයා විසින් ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහකාරක  සභාවෙන් යෝජනාවක් එවන ලෙසට ජනාධිපති කාර්යාලය  ඉන් අනතුරුව දැනුම් දී තිබිණැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ගේ අලුත් යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර  රජයේ සේවකයන්ට ලබා දී ඇති වාහන බලපත්‍රයට වාහන මිලදී ගැනීම සඳහා  නුදුරේදීම අවස්ථාව සලසා දීමට රජයේ අවධානය යොමු වී ඇත.

වාහන බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද කඹ ඇදීම් හටගෙන ඇතැයි  වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ ඡන්දයක් ලඟ ළඟ එන අවස්ථාවක වාහන බලපත්‍ර ලබා ගැනීමෙන් ඡන්ද පදනමට බලපෑම් ඇතිවේ යයි සමහර මන්ත්‍රීවරුන් මත පල කිරීම නිසා යැයි  දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ට මීට පෙර ලබා දුන්  වාහන බලපත්‍රය වෙනුවට රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රය ඉල්ලා සිටීමද එහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.



අදහස් (6)

වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති

Swene Haputhantirige Tuesday, 18 June 2024 04:40 AM

මන්ත්‍රීවරු වේවා රජයේ නිලධාරින් වේවා , වාහන ගෙන්වා ගැනීමේ බල පත්‍රයක් නිකුත් කිරීමම අකටයුත්තකි. ඒ මන්ද යත් ඔවුන්ගෙන් බොහොමයක් බලපත්‍රය විකුණා මුදල් කිරීමයි. බල පත්‍රයක් විකිණීම කොතරම් වැරැද්දක්ද යි කියා හර්ද සාක්ෂියෙන් අහන්න. අවසානයේ දී මුදලාලිලා ගණනක් හම්බ කර ගන්නවා. මුදල් ඇති අය ගෙන්වා පසුව වාහනයම ඉතා වැඩි මුදලකට විකුනනවා. අන්තිමේදී විශාල අකටයුත්තක් වෙනවා . එබැවින්, කෙනෙකුට වාහනයක් පාවිච්චිය සඳහා යම් සහනයක් අවශ්‍යයයි තීරණය කරන්නේ නම් ඔහුට සාමාන්‍ය වාහනයකට ගෙවිය යුතු බදු මුදලින් යම් කොටසක් කෙලින්ම රජයෙන් ගෙවීමට වඩා කිසිත් කලයුතු නැහැ. සුඛෝපභෝගී වාහන වලට කාටවත් අවසර දිය යුතු නැහැ. ඔක්කොම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන එකයි තියෙන්නේ.

:       2       26

පුෂ්පා Tuesday, 18 June 2024 05:44 AM

මම ඉන්න රට මුදල් වලින් ඉතා පොහොසත් දියුණු වූ රටක්. නමුත් මෙම රටේ දේශපාලකයන් මහජන මුදල් තමාට බලපාන දෙයකට භාවිතා කරද්දි පුලුවන් තරම් අඩුවට කරන්න බලන්නේ. මොකද පොඩ්ඩක් වැරදුනොත් හිරේ ලඟින්න වෙන්නෙ. අනික ඔවුන් ලොකු කම බලෙන් පාවිච්චි කරන්නෙ නෑ. ලොකුම වාහනය, ලොකුම කාමරය, ලොකුම පුටුව මඟින් තමා ලොක්කා යන්න ප්‍රදර්ශණය කිරීමක් මේ රටේ නෑ. එනමුත් ඔවුන්ගේ ලොකු කම රැස්වීමකට වාඩි වූ වහාම ප්‍රදර්ශණය වෙනවා. ඒ අදාල ප්‍රශ්ණ ඇසීම, තමාගේ විෂය පිලිබඳව අවබෝධය සහ ඉහල පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා වැනි දේවල් මඟින්. පසුගිය අවුරැදු වල මට හොඳින් තේරැම් ගිය දේ තමා අපේ රටේ වෘත්තිකයන්ගේ, දේශපාලකයන්ගේ සහ සල්ලි ඇති අයගේ වැඩ වලට වඩා ෂෝ එක ගොඩාක් වැඩි බව. දොස්තරලා නලාව බෙල්ලෙ ඔතන් ඇවිදීම, ටියුෂන් ගුරාලා බෙන්ස් වල බොනට් උඩ නැගගත් කටවුට් සවි කිරීම, දේශපාලකයො වැදගත් රැස්වීම් වල සැර කිරීම වැනි බාල ගනයේ වැඩ. මේවා කිව්වම තරහ යනවා හරියට. අපි රටක් වශයෙන් පහල තැනක තියෙන්නෙ.

:       1       23

Lalla Tuesday, 18 June 2024 07:54 AM

ඉදිරියට එන මැතිවරණයේදී මන්ත්‍රීලට ඇමතිලට දෙන වරප්‍රසාද කප්පාදුව පොරොන්දුව දෙන අයට ඡන්දය දීමට අවශ්‍යයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනත් විශේෂ දීමනා බාර් ලයිසන් සියල්ල අහෝසිකරන්න ලිඛිත පොරොන්දුව දෙන පක්‍ෂයට අපේ ඡන්දය.....

:       0       25

Kazi Shajahan Tuesday, 18 June 2024 10:01 AM

යන යකා කොරහත් බිඳ ගෙන යන්න යන්නේ ,මුන් වගේ කාලකන්නියෝ ටිකක් ලක් මාතාව ජාතක කළා නේ

:       1       23

සලීන් Tuesday, 18 June 2024 11:47 AM

උන්ගෙන් රටට කිසිම වැඩක් වෙන්නේ නැති නිසාත් රට අගාදෙට යන්න හේතුව උන්සේ සැප සුබ සිද්ධිය තකා පමණක් වැඩ කල නිසාත් රට ගැන කිසිම කැක්කුමක් ඇති එකෙක්වත් පාර්ලිමේන්තුවේ නැති නිසාත් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට කිසිම සුදුසුකමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති කිසිම කෙනෙකුට නැතිනිසා වාහන පර්මිට් මෙන්ම අනිත් පහසුකම්ද නැවැත්වීමට කටයුතු කල යුතුය.

:       0       11

Prabha Tuesday, 18 June 2024 01:15 PM

දෙන දෙයක් ගනිල්ලා ඊළඟ චන්දෙන් උඹලා ඔක්කොම ගෙදර යනවා

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට
2024 ජුලි මස 18 7 0

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අ


පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි
2024 ජුලි මස 18 349 0

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ ත


රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 18 157 0

මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු


අවුරුදු හතරේ දැරිය ළිඳට බිලි
2024 ජුලි මස 18 131 0

බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය ක


දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත්
2024 ජුලි මස 18 235 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තිස්ස අත්තනායක රිය අනතුරක
2024 ජුලි මස 18 2312 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පො


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 128 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 995 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1877 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site