(අංජුල මහික වීරරත්න)
පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.
බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.
ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.
COMMENTS
පරීක්ෂණේ සංකීර්ණයි කියනවනේ...? ඒ නිසා මේ කපේදි ඔය රිපෝට් එක ලැබෙන එකක් නැහැ...
යූටියුබ් එකේ තියෙන වීඩියෝ එක මාත් බැලුවා. ඩිපෙන්ඩර් එකේ ඩීසල් ඔක්කොම ඉවත් කොට එවෙලේම නිපදවූ බයෝ ඩීසල් දමා චැනල් එකේ නිවේදකයාත් සමගම අධිවේගයේ පානදුර සිට වැලිපැන්න තෙක් ගොස් ආපසු පානදුර ට පැමිණියේ නිවේදකයාද මවිතයට පත්කරමින්.මේ සම්බන්ධව රජයේ අවධානය යොමුවීම ඉතා අගයකොට සලකනවා.මේ තරුණයාට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදුකොට දෙන්නේ නම්,රටේ ඩීසල් ගැටලුව ඒකාන්තයෙන්ම විසඳෙනු ඇත.
එතකොට පොල්තෙල් කොහොමද නිපදවන්නේ... මහා පරිමාණයෙන්...? කකුලෙන් අදිනවා නෙමෙයි...
දිළිණ දක්ශිල තරුණයට අගමැතිතුමා කථා කිරීමත් තරුණ ජවයේ නව නිපැයුම්වලට පන්නරය දීමකි..! ඒ ගැන යුරෝපා රටවල සිටින අපගෙන් ඔබතුමාට පිරිනමන ආචාරය මේ සමඟම..! ඒ සමඟම ඒ නව නිපැයුමට වාසනාවන්ත කාලයක් උදාවේවා..!
මේ තාක්ෂණය ඉතා පරණ දෙයකි..නව සොයාගැනිමක් නොවන අතර කාබන් මෝචන ප්‍රමාණය ඔහුගේ අත්දැකීමක් නොවේ.මෙය සාර්ථකනම් සුබදායී දෙයකි.. මේ නිපැයුම සාර්ථක නමි මෙය ලෙවෙ පුරා ප්‍රචලිත නැත්තේ ඇයි.?
ඔහුගේ සොයාගැනීම ඉතා වැදගත්. නමූත් පොල් තෙලුත් නැතිවෙන පොටක් වගේ. ඔහු සඳහන් කළා කෝස්ටික් සෝඩා මිශ්‍රණයක් ගැන. එය ලෝහ විනාශ කළ හැකි රසායනයක්. ටික දිනකින් ඇන්ජිමක් තියන්න නොවූවහොත් හොඳයි..
කාලෙකට කලින් වතුරෙන් වාහන දුවන්න හදපු තරුණයෙක් හිටියනේ. එදා අවස්ථාව දුන්න නම් අද ගොඩනේ.
අහක දමන බම්බු තෙල් පෙරල ඩීසල් වෙනුවට යොදා ගත හකි බව මෙයාල දෙන්ඩ දෙන්නෙ. මහාපරිමානෙන් පවිච්චි කරන්න තරම් අහක දාන බැදුම් පොල් තෙල් තියෙනවද ඒ පොල් තෙල් මහ පරිමානෙන් පෙරන්න යන නිශ්පාදන පිරිවැය අනුව කොතරම් ප්‍රායෝගිකද කියල බැලුවද.
ඔය තෙල් සංස්ථාවේ කොමිස් කාක්කෝ රැල බොරු පරීක්ෂණ වාර්තාවක් දීල ඒ පුතාගේ නිර්මාණය යට ගැහුවේ නැත්නම් තමයි පුදුමේ.
අනුරාධපුරේ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ තුමාගෙ එඬරු ඇට ඩීසල් වැඩේ ගැනත් ඔය සැරේම බලන්න. පොල්තෙල් වැඩේ නං රනිල්ටම ගැලපෙනපෙ. කල්මැරීමට.
බයෝ ඩිසල් කියන එක ලෝකෙට අමුතු දෙයක් නොවෙ , පිටරට ඉන්දදනහල් වල මෙව තිබෙනව නමුත් සාමාන්‍ය ඩිසල් ලිටරෙකින් යන්න පුලුවන් දුර මෙන් 10 % වඩිපුර යන්න එවගෙන් පුලුවන් කමක් නැහැ , බොහොවිට සාමාන් ඩිසල් වලට වඩිය ටිකක් අඩුවෙන් තා මෙම නිශ්පාදනය කරන ඩිසල් වලින් යන්න පුලුවන් , කොහොම නමුත් මෙව පරිසරයට හිතකමි බව අමුතුවෙන් කියන්න ඔනේ නැහැ , මෙ තරුනයගේ උත්සහය අගය කල යුතුයි.
ඕන කමක් තිබේනම් ඕනම දෙයක් දුෂ්කර නැහැ සංකීර්ණ නැහැ ලංකාවෙ තියෙන්නෙ වැඩ පරක්කු තමයි රටට ඇතිවෙන්න ඉන්ධන සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට හැකියාව තිබේනම් හොදයි
මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.....වසර 10000000.????????????????????
පරිස්සමින් කොල්ලෝ...,
පරිස්සමෙන් කොල්ලෝ...!
කෝකටත්, අම්මයි, තාත්තයි එක්කම යන්න මගේ පුතේ...!
මේකෙ මොකක් හරි අවුලක් තියෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කිරීමට තාක්ෂණික සහායක් ලබාදී.., මෙ තරුණයාට අතහිත දීම සිදුකිරිම බලශක්ති ඇමැතිගේ වැඩක්. එම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් හට, කොමිස් නොලැබෙන නිසා, මේවගේ දෙවල්වලට තැනක් නොලැබෙන්න තියන අවස්ථාව ඉතා ඉහළයි. අනිවාර්යෙන්ම සිදුවිය යුත්තේ, පුද්ගලික මැදිහත් වීමකින් හෝ මෙයට සහාය දීමයි.
සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යන්න පුලුවන් දුර වගේ 10% ක දුරක් යන්න රුපියල් 700ක විතර පොල්තෙල්. මොන විකාරයක්ද? මේ රටේ කෑමට ඕනි පොල්තෙල් ටිකත් පිටරටින් ගේනවා මදිවට මේ වගේ ගොන්පාට් කරලා පෝලිං නැතිකරන්න බෑ.. මතකනේ ඉස්සර හිටපු අගමැතියෙකුත් වතුර වලින් වාහන දුවවන්න ගිය හොරෙක් ප්‍රොමෝට් කලා...
මේ නිශ්පාදනය සාර්ථකම වේවා
වැඩේ නං හොඳයි අගමැති තුමෝ. හැබැයි ඕවයෙ ඉන්න නිලධාරීන් කියන පගා කාක්කො ඕක කොරන්න දෙයිද.
ඉතා අගය කළ යුතුයි අගමැතිතුමනි..., මේ රට වැටීඇති කරදරකාරී තත්ත්වයෙන් රටට යම් තරමකට සහනදායි බවක් ඇතිවී, ඒ තරුණ දැනුම, ශක්තිය තවතවත් වර්ධනය කරන්නට දිරිය දෙනු ඇතැයිද, රට වැසියාගේ බලාපොරොත්තුවයි...
මෙවැනි බොළඳ දේවල් වලින් රටේ ඉන්ධන ප්‍රශ්නය විසඳන්න හැකිද?
ඩීසල් වලට පොල්තෙල් කොච්චර ගන්නද මහත්තයෝ... අනික ඩීසල් ලීටරය 1න් යන ගමනට පොල්තෙල් ලීටර 10ක් ඕනෑ වෙනවා...
මේක ප්‍රායෝගික නොමැති බව බැලූ බැල්මට පේනවා. අපේ රටට සතියකට තෙල් නැවක් විතර ඕනේ. අපේ ආහාර සකසා ගැනීමට ප්‍රමාණවත් පොල්තෙලුත් රටේ නොමැතිව, පොල්තෙල්වලින් වාහන ලක්ෂ ගාණක් දුවන්නේ කොහොමද?