
(යොහාන් භාසුර)
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
වර්තමානයේ පවතින අංක තහඩුවේ ‘සිංහ’ ලාංඡන කීපයක් සහ ඩී.එම්.ටී. හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන්න විශේෂ ආරක්‍ෂක පියවරයන් ලෙස පිටතට නිරාවරණය වන ලෙස සහ පිටතට නිරාවරණය නොවන ලෙස පැවැති බවත් නව ටෙන්ඩරයෙන් එම ලාංඡන සහ අකුරු ඉවත්කර ඇති බවත් එහි සේවකයෝ කියති.
‘සිංහ’ ලාංඡන පේලී තුනක් ‘ලේසර් වෝටර් මාක්’ ලෙස ද, ඩී.එම්.ටී. යන ‘ඉංග්‍රිසි’ අකුරු තුන විශාල සහ කුඩා මුද්‍රණ ලෙස ද, වර්තමාන වාහන අංක තහඩුවක පවතින බවත් ඒවා නව ටෙන්ඩරයෙන් ඉවත්කිරීම ජාතික ආරෂාවට ද තර්ජනයක් වියහැකි බවත් ඔවුහු කියති.
සැපයුම්කරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම ආරක්‍ෂක ලාංඡන ඉවත්කර ඇති බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නව ලෝකය වෙත යන ශ්‍රී ලංංකාව කළ යුතුතේ ආරක්‍ෂක පියවරයන් තවත් වැඩි කිරීම බව ද සඳහන් කළහ.
වාහන අංක තහඩු ටෙන්ඩරය මෙරට රාජ්‍ය ආයතනයක් පිරිනමන ඉහළම වටිනාකමින් යුත් ටෙන්ඩර්වලින් එකක් මෙන්ම මෙම ටෙන්ඩරය පිටුපස විශාල දූෂණයන් සහ කොමිස් කුට්ටි ඉතිහාසය පුරාම වාර්තා වූ බවත් එම ටෙන්ඩරයට සම්බන්ධ වූ ඇතැම් දේශපාලඥයන්ට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ඇතැම් ඉහළ තනතුරු දැරූ නිලධාරීන්ට තවමත් අංක තහඩුවලින් කොමිස් ලැබෙන බවත් සේවකයෝ පවසති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම ටෙන්ඩර් කැඳවීම සම්පූර්ණයෙන්ම ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරන බවත් නව ටෙන්ඩරයෙන් විශේෂ ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
එම ආරක්‍ෂක පියවරයන් හේතුවෙන් වාහන අංක තහඩුවේ මිල ඉහළ යෑම නිසා ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව කී එම නිලධාරියා මාර්ගයේ වාහනයක් ධාවනය වන විට එහි අංක තහඩුව ව්‍යාජ ද යන්න පරීක්‍ෂා ක්‍රමයක් නොමැතවීම නිසා ආරක්‍ෂක පියවර ඉවත්කිරීම ගැටලුවක් නොවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව විමසීමට ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයේ මාධ්‍ය අංශ සම්බන්ධ කරගැනීමෙන් පසුව එහි ප්‍රධානියකු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සම්බන්ධ කරන්නේ යැයි පැවසුව ද පසුව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් හොරාගේ අලුත්ම වික්‍රමයද මේක? අනුන්ට හොරා කියන අය තමා කම්බ හොරු...
මේක රටේ ආරක්ෂාවට තර්ජනයක්. හැබැයි අබලන් වාහන වල චැසි අංක වලට අලුත්ම වාහන රෙජිස්ටර් කරන එක ප්‍රශ්නයක් නෑ.
බාගෙට සිස්ටම් චේන්ජ් වුණාම ඔහොම වෙන්න ඇති වැඩ වෙන්නේ...!
අපි ඉස්සර ඕවා අතින් ඇදගෙන ගියේ. ඒත් මේ තරම් වංචා තිබුනේ නෑ. ඕකට ආරක්ෂක පියවර දැම්මා කියලා වැඩි වෙනසක් වෙන්නේ නෑ.
කිසිම තේරුමක් නැති ලාංඡන දාන්න වැඩක් නැහැ,, ඕව දැම්මා කියල ඇති ප්‍රතිලාභයක් නෑ,, . රියදුරු බලපත්‍ර එකට චිප් දැම්මා කියල කිසිම වැඩක් නෑ...ලංකාවේ කරොත් කරන්නේ ගොන් වැඩක්... මෝටර් රථ දෙපාර්තමේන්තුව මුලින්ම හොඳ දේට බේස් එකක් හදාගන්න ඕනේ තමන්ට තියෙන වාහන මොනවද කියල
පාතාලෙන් වෙඩි තිබ්බට ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑ වගේ මැටි වැඩක් තමයි මේකත්. නෙදකින් විතරක්.
මේ ආණ්ඩුව ගේන්න සල්ලි වියදම් කරේ පාතාලෙන්. රටේ වස්සො ටික බොරුවෙන් අන්දලා තාමත් පාතාලේ වෙනුවෙන් වැඩ කරනවා මේ ආන්ඩුව. අලුතෙන් එක පාතාලයෙක් ඇල්ලුවේ නෑ. පොලීසියේ වැඩක් කරපු ලොක්කො ටික ඔක්කොම මාරු කරා.
තව පවුල් ලක්ෂ 4කට අස්වැසුම දෙන්න යනවලු. යකෝ ඒ වගේ මෝඩ වැඩ වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව ආරක්ෂාවට යන වියදම් ටික කරපල්ලා. මෙච්චර මෝඩ හැත්තක් ජීවිතෙට දැකලා නෑනෙ. මේවා මෝඩකමට වඩා හිතා මතා කරන අමන වැඩ වගෙයි පේන්නෙ.
මේ විදිහට රටේම ජාතියේම ආරක්ෂාව අනතුරේ දාලා , අනාගතයට ප්‍රශ්න රාශියක් ඉතිරි කරලා පච මූලික පාලකයන් නික්ම යාවි. ඒ සියලු ප්‍රශණ ජාතියට ඉතිරි වේවි
ඔය කළබල වෙලා තියෙන්නේ, චෝදනා කරන්නේ සේවකයෝ නොවෙයි කොමිස් කුට්ටි වලින් යැපුණු තක්කඩියන් කල්ලිය විය යුතුයි. මොකද විශේෂ ආරක්ෂක අංග ඉවත් කිරීම ගැන කළබල වෙන්න ඕන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් නොවෙයි, අදාල ආරක්ෂක අංශ වල නිළධාරින්. කොහොමටවත් මේ ආණ්ඩුව ඒහෙමට ආවට ගියාට තීන්දු ගන්නේ නැහැ, ඔය කළබල වු අය නොදන්නවාට අදාල අංශ වල උපදෙස් අරගෙන තමයි ඔය ආරක්ෂක අංග ඉවත් කරන්න ඇත්තේ. දත් තිබුනට මොකද හපන්න බැරි නම් කියලා බිමල් සහෝදරයාට හිතෙන්න ඇති.
හොරෙන් ගෙන්නපු, බට් කරපු, කෑලි එකතු කරලා හදපු, හොර පොත් තියෙන වාහන දහස් ගාණක් පාරවල්වල දුවනවා. හැමදාම අහුවෙනවා. හැබැයි නම්බර් ප්ලේට් එක ලෝකෙ තියෙන හොඳම ආරක්ෂිත එකක් වෙන්න ඕනෙලු. මේවා තමා හොඳම විහිළු...
මේවා විහිළු කතා... ඇමරිකාවේ වාහනවල අංක තහඩු තමන්ට ඕනෑ විදියට හැඩ කරගන්න පුළුවන් මේ වගේ රජයෙන් ජාතික ආරක්ෂාව කියලා ලෙබල් නෑ. යුරෝපයේ වුණත්. ඔච්චර ආරක්ෂාව තිබ්බ රටේ නේද පාස්කු බොම්බ පිපිරුනේ? පාතාලය හොර අංක දාලා වාහන පැද්දේ? දේශපාලුවෝ ද ඇතුළුව...
අනේ මේ සේවකයො මේකට හොටු පෙරාගෙන දුක් වෙනව, හැබැයි පහුගිය කාලෙ හොරෙන් ගෙන්නපු ඩිපෙන්ඩර් අත්ට්‍රැක්ටර් කාණ්ඩ යටතේ ලියාපදිංචි කරල කෝටි ගණන් රජයට පාඩු වෙනකොට ඔය සේවක මහත්වරු බුදියගෙනද හිටියේ, නැත්නම් තමන්ටත් ගාණක් ආව නිසා සද්ද නොකර හිටියද? පහුගිය දවස්වල කෝපා කොප් කමිටු වලට ඇවිත් බුග් බුග් ගගා ඇඹරුන හැටි රටම දැක්ක, දැන් මේ ලාංඡනයක් අල්ලගෙන, ඕව තිබුණට අංක කොටල දුවපුව අහුවෙනවද? අනිත් එක ඔය ලාංඡන නොපෙනෙන සහ විශේෂ උපකරණයකට සංවේදි වන විදියට තිබෙන එක වඩා හොඳයි. මේ ඇඬියාව තමන්ගෙ එකෙකුට නැතිවෙනවට කරන දෙතුන් දෙනෙක්ගේ එකක් වෙන්න ඕන. හැකිනම් ඔතන වන වංචාව ඇමතිට කියන්න. අපිට එතුමා විශ්වාසයි. පත්තරේට කියන්න කලින්
ඔය ලාංඡන දාලා තිබුනේ ආතල් එකට නෙමේ. මොකක් හරි අපරාදෙකට වාහනයක් අරගෙන බොරු තහඩු දැම්මොත් අල්ලගන්න ලේසි වෙන්න. දැන් ඉතින් මලාට හොර තහඩු අල්ලන්න වෙන එකක් නෑ. මොකද හැමෝම ගෙදරදිම හොර තහඩු හදා ගනීවි.
අරවින්දයයි, සෙනෙවිරත්නයි බැහැලා ඉන්නේ හෝදන්න. තව හෝදන්න ඩෝබියා. මේ ආණ්ඩුව ආවට ගියාට තීන්දු ගන්නෙ නෑලු. ආවාට ගියාට නෙමේ හොඳට හිතල මතලා ගොන් තීන්දු ගන්නේ මහදැනමුත්තා වගේ. රිලව් ගණන් කරලා, බූරුවෝ හොයලා, අවුරුදු සමරන්නේ නැතුව, ජයමංගල ගාථා කියන්නේ නැතුව, කොටි පරද්දන්න උදව් කරපු අය හිරේ දාලා, නොවැම්බර්වල කොටි සැමරුම් 200ක් විතර තියලා, ගල් අඟුරු වෙනුවෙන් සෝලාර් ඕෆ් කරලා, ඉන්දියාවට රට පාවලා දීලා රටේ නැති ගොන් බූරු කතා කියලා මෝඩ ජෙප්පො ටික අන්දනවා.
කන්ටේනර් 320 ක තිබුනේ ඩෙෆෙන්ඩර් වගේ ඒවා නම් කමක් නෑ, කුඩු, ගිනි අවි තිබුණොත් මොකද කරන්නේ සෙනෙවිරත්නයෝ? මාලිමාවේ වටා රට වටේ බොරු කිය කියා යනවා අතේ පත්තු වෙන. මෙයා මෙතැන රෙදි නැතුව කඩේ යනවා. ඩොලර් මිලියන 20ක් තිබුණු ආණ්ඩුව අරගෙන ඒක 6500ක් කරන්න සෑහෙන්න අමාරු වෙන්න ඇති නේ. හයියෙන් අප්පුඩියක් ගහපන් උළු බිම වැටෙන්න.
පාතාලෙ, ත්‍රස්ථවාදී අය දෙපැත්තෙන්ම හිනාවෙනවා ඇති මේවා දැකලා. ඒක නෙමේ ඊබ්‍රහිම් නානට තව පුත්තු එහෙම ඉන්නවාද දන්නේ නෑ නේ...!
කුණු ජෙප්පන්ට රිදිලා වගේ. ඔවුන්ගේ වංචාවක් අතේ මාට්‍ටු. ඔය එන්නේ හොඳ පොටකට නෙමේ.
අනුන්ට හොරු කියලා ආපු මාලිමාවෙ තමයි කම්බම හොරු, මිනීමරුවො, පාවාදෙන්නො ටික ඉන්නෙ. අන්තිමට රටත් පාවල දීල තමයි නවතින්නෙ.
ඡන්දෙ දුන්නට කමක් නෑ, වැරැද්දක් දැක්කම වැරදියි කියන්න පුරුදු වෙයල්ලා. වැරැද්ද දැක දැක ඒක නම් හරි ශෝක්, එහෙම තමයි වෙන්න ඕන කියල හිතෙනව නම් ඒකට තමයි කියන්නේ වහල්කම කියලා. ඉස්සර උන් ටකරමට, ලැට් පෝච්චියට ඡන්දෙ පාවා දුන්නා. වත්මන් පරපුර පච වලට ඡන්දෙ පාවා දෙනවා.
අලුත් ලෝකේ ආරක්ෂක පියවර අරගෙන වාහන ලියාපදිංචි කරලා අයිතිය තහවුරු කරන එක තමයි කරන්නේ, ඒත් අපේ රටේ ආරක්ෂක පියවර ඕන නැහැ කියලා ආපහු අතින් අංක පුවරුව ඇඳගන්න යුගෙට යන්න හදනවා. මොන වස ලජ්ජාවක්ද? කරත්ත යුගයට තමයි මේ ආණ්ඩුව හරි යන්නේ...
රිලා නැට්ටේ එල්ලිලා හිටිය රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ අපුල්ලන්නෝ එක පෙළට වාහන අංක තහඩුව උඩ නැගලා... අපේ හාමුදුරුවනේ...
ඔය ආරක්ෂක සලකුණු තිබුණා කියලා අල්ලපු එක අපරාධයක් නම් කරන්න පුළුවන්ද කාට හරි...!
එක එක ඒවා අඩුකෙරුවා, වැඩිකෙරුවා කියලා වැලපෙන, වැලලෙන අයට කියන්න පුළුවන්ද මේ ආරක්ෂිත ලාංඡන පාවිච්චි කරලා වළක්වපු හරි හොයාගත්තා හරි නීති විරෝධී වැඩක්...!
කන්ටේනර් හොරා කාපු පච කොටා වාහන අංක තහඩු වලිනුත් හොරා කනවා. හැබැයි කොයි වෙලේ කතා කරත් කියන්නේ හිටපු අය හොරු... මොවුන් සුද්ධවන්තයෝ කියලා. මේ යක්කු යද්දී කොහොමත් මුළු භාණ්ඩාගාරෙම සුද්ද කරගෙන තමයි යන්නේ.
ඔය ඔක්කොම ලාංඡනත් එක්ක එකම නොම්මරේ තියෙන ප්ලේට් දහයක් උනත් ගන්න සිස්ටම් තියෙනවා!
සල්ලි නැති නිසානෙ features අඩු කලේ! ගෙන්වන වාහන වලට එල්ලන්නත් ඕනෙනේ මොකක්හරි. බැනගෙන වැඩක් නෑ. කවුරුත් හරියට වැඩ නොකළොත් තව ඉස්සරහට අතින් ලියපු බෝඩ් එකක් එල්ලන්න වත් වාහනයක් නැතිවෙයි...
මේ කමෙන්ට් බලන්න. මේවායින් 95% ක් පමණ බයියලා සහ ටොයියලා විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ගිණුම් වලින්. එය ඉතා පැහැදිලියි. හාස්‍ය ජනකයි. "පුතාණෝගේ" ටොයියෝ පරිගණක විද්‍යාගාරවල ඔහුගේ ප්‍රචාරක කටයුතු සඳහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් සිටියි. මේ ළමයින්ට කොපමණ මුදලක් ගෙවනවද කියා මම කල්පනා කරමි. සමහර විට කමෙන්ට් එකකට රු. 100 ක් සහ deslike එකකට රු. 5 ක්. කණගාටුදායකයි...!
කරුණාකර අදාල පළාත ප්‍රදර්ශනය කරන්න. එය ඉතාමත් හොඳයි...
කමෙන්ට්ස් ප්‍රතිචාර = ඡන්ද ප්‍රථිඵල...