IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුතා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

2017 මැයි මස 9 වැනි දා මෙම ව්‍යාපාරිකයා මරණයට පත්වූ අතර ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර කෝට්ටේ ප්‍රදේශයේ සුසාන භූමියක කර මිහිදන් කෙරිණි.

මෙම මරණය සම්බන්ධයෙන් මරණය සිදුව වසර 2කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටයක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවත් එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවට දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත.

මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත .

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි සැකකාර බාල පුතු ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙකි

දේපල ලබා ගැනීමේ අරමුණින් සිදු කළ මෙම ඝාතනය කර ඇත්දැයි පරීක්ෂණ මෙහෙයවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (3)

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුතා අල්ලයි

Nihal Sunday, 12 September 2021 10:23 PM

ලෝකේ ජාතින් අනුව අපරාධ අඩු වැඩි වීමක් නැහැ

:       2       12

ganegoda Monday, 13 September 2021 01:34 PM

අද ලෝකයේ ධනවත් දෙමව්පියන්ට මුහුණපාන්න සිද්දවෙලා තියෙන හරිම කණගාටුදායක ඉරණමක්... දැන්වත් දූදරුවන් ඉක්මණින් සිය ජීවිතය ගත කිරීමට තමන්ගේ දෙමව්පියන් ඝාතනය කිරීම අද ලෝකයේ සාමාන්‍ය දෙයක්..!!!

:       0       1

sampath Tuesday, 14 September 2021 07:59 PM

අජාසත්තලාගේ පරම්පරාවේ අය තවමත් ඉන්නවා. ආනන්තර්ය පාපකර්මයක් කරගෙන ලබන දේපළ මොකටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site