වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාව වසර 5 කට පසුව යළිත් පැවැත්වීමට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය කටයුතු යොදා තිබේ. තරගාවලියේ මුලික වටයේ තරග දෙසැම්බර් මස 1 වැනිදා සහ 2 වැනිදා මහරගම තරුණ සේවා එළිමහන් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
අක‍්‍රීයව පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය මෙම වසරේදී යළිත් පිහිටුවීය. රොහාන් සෝමවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සංගමයේ ඒ. එස්. නාලක මහතා ලේකම්ධූරය දරයි.
වසර පහකට පසුව වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය පවත්වමින් සිය සංගමයේ කටයුතු ආරම්භ කරන බව සෝමවංශ මහතා කොළඹ ජාතික ඔලිම්පික් නිවහනේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඉදිරි වසර තුනක කාලයේදී වෙළෙඳ සේවා වොලිබෝල් තරග බිමෙන් ජාතික මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීමේ සැලැස්මක් සකසන බවද සෝමවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
තරග අයැඳුම්පත් බාර ගැනීම මේ මස 20 වැනිදායින් අවසන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසර 5 කට පසු පැවැත්වීමට සුදානමක්