කොළඹ කොල්ට්ස් ක‍්‍රිකට් සමාජ පිටියේදී අද (1 වැනිදා) පැවති වෙළෙඳ සේවා ”ඒ” කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී මාස් ඇක්ටිව් කණ්ඩායම ලකුණු 38 කින් ජය ලැබීය. අවසන් තරගයේදී මාස් ඇක්ටිව් පිල විසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
අවසන් තරගයේ වීරයා වශයෙන් මාස් ඇක්ටිව් පිලේ සමීර සොයිසා සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙසින්- හර්ෂ විතාන (සෙලාන් බැංකුව) සම්මාන ලැබීය. තරගාවලියේ දක්‍ෂතම පිතිකරු වශයෙන් මාස් යුනිචෙලා පිලේ මහේල උඩවත්ත සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය -සජීව වීරකෝන් (හැටන් නැෂනල් බැංකුව) විසින් රැුගෙන යන ලදි.
මාස් ඇක්ටිව් කණ්ඩායම ඕවර 47.1කදී සියලූදෙනා දැවී 226යි.
(සමීර සොයිසා 54, උදාර ජයසුන්දර 43, දිල්ෂාන් මුණවීර 34, සචිත‍්‍ර සේරසිංහ 25, ඉසුරු උදාන 19, රනිල් ධම්මික 35/3, සජීව වීරකෝන් 41/3, කෝසල කුලසේකර 48/2)
හැටන් නැෂනල් බැංකු කණ්ඩායම 47.3කදී සියලූදෙනා දැවී 188යි.
(කොසල කුලසේකර 48, හෂාන් ගුණතිලක 37, අෂේන් ප‍්‍රනාන්දු 33, තිලකරත්න සම්පත් 32/2)
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළෙඳ සේවා කි‍්‍රකට් පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව මාස් ඇක්ටිව් පිලට