(නිමල කොඩිතුවක්කු)
වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ දී අද (25) පැවසීය.
තිරිගු පිටි වල පවතින ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කළ බවත් ඔහු සඳහන් කළේය.
අනතුරුව තිරිඟු පිටි සාම්පල මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරනු ලැබීය.
එහිදී පණුවන් සහ ගුල්ලන් සහිත පරිභෝජනයට නුසුදුසු පාන් පිටි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් ද කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි
'ගුල්ලා' Tuesday, 25 October 2022 05:59 PM
දියවන්නා සැසි වාරයකදී හැමෝටම ඔය තිරිඟු පිටිවලින්ම 'කෝ-කිස්' හදලා දෙන්න කියලා මම අනුමැතිය දෙමි..!
fairoos Tuesday, 25 October 2022 06:20 PM
කමක් නැහැ වඳ කොත්තුවලට වඩා හොඳයිනේ මේක.
හෝටල් කාක්කා Tuesday, 25 October 2022 07:07 PM
ඔව් පිරිසිදුවට කෑම ටික හදලා විකුණන කට්ටියනේ... එකම තෙලේ මාස ගානක් බදින. කුණු කෑම ගිල්ලන සාධාරණ හෝටල්කාරයෝ ටික. අනේ මගේ කට!!
LGPJ Wednesday, 26 October 2022 07:16 AM
No quick actions against for this types of imported food items at Sri Lanka.!!!!