යුද සමයේදී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්තී‍්‍රක්ක පහ සදහාම පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුව විසින් සිදුකළ මූලික අදියරේ වෛද්‍ය පරීක්ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 26 දෙනෙකු සහභාගී වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි
මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් නව දෙනෙකුත් කිලිනොච්චියෙන් හතකුත් මුලතීව් දිස්ත්‍රීක්කයෙන් හතකුත් වව්නියාව දිස්තී‍්‍රක්කයෙන් තිදෙනෙකුත් මෙලෙස වෛද්‍ය පරීක්ෂණයන් සිදුකරගෙන ඇති අතර මන්නාරම දිස්ත්‍රීක්කයේ කිසිදු හිටපු කොටි සාමාජිකයෙකු වෛද්‍ය පරීක්ෂණය සදහා සහභාගී වී නොමැත
මෙම හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂනයට ලක් කිරීමේ දෙවැනි අදියරේ පරීක්ෂණ කටයුතු අද (9) යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් හා වව්නියාව රෝහල් වලදී සිදු කැරෙන බව කියති
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
විස එන්නත් පරීක්ෂණයට පරණ කොටි 26 ක් එති
ප්‍රියන්ත විමලගුණ Friday, 09 September 2016 02:34 PM
කොළඹ ගෙනල්ල ෆුල් බොඩි පරීක්ෂණයක් නොමිලේ කරන්න බැරිද රජයේ මුදලින්? (බ)
දර්ශන Friday, 09 September 2016 03:34 PM
සංකල්ප, සයනයිඩ් විෂ ශරීර ගතවුනොත් මෙයාල ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මේ පරීක්ෂණ කරලා මෙය බොරුවක් බව ලොවට පෙන්විය යුතුයි. මෙයට අපි විරුද්ධ වුනොත්, යම්කිසි අකටයුත්තක් වෙලා කියල ලෝකය හිතයි (බ).
සත්‍යයා Friday, 09 September 2016 11:19 PM
වසර 30ක් තිස්සේ අපි කොටින්ගෙන් ඉල්ලන්කෑවේ කොන්ද පණ නැති දේශපාලකයොයි, සුරංගනා කතා ලියා පාඨකයින් රැවටූ අයයි හින්දා. සත්‍යයට මුහුණ දෙන්න මේ අයට අදත් නොහැකිව තිබෙනවා.
ගයාන් Friday, 09 September 2016 09:47 AM
කොටියා විෂ ගහගෙනම අවොත්.? (ර)
සංකල්ප Friday, 09 September 2016 10:10 AM
දීර්ඝ කාලයක් සයනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගෙන සිටීමෙන් සයනයිඩ් විෂ ශරීර ගත විය හැකියි නේද ! වෛද්‍ය පරීක්ෂණ කළයුතු වන්නේ ඒ සඳහාය. (බ)
ප්‍රසාද් Friday, 09 September 2016 10:32 AM
අනේ මෙහෙමත් රටක් (බ)
දහම් Friday, 09 September 2016 10:42 AM
නිවට කරනවැමිය දැක්කම එළුවාත් නිකට පානවලු. (බ)
ටාසන් Friday, 09 September 2016 12:06 PM
මිනිස්සු නිකන් කුලප්පු වෙන්නේ, වරදක් කරලා නැත්තම් ඇයි බය වෙන්නේ (ම)
සත්‍යයා Friday, 09 September 2016 12:53 PM
කොටි සංවිධානයේ න්යායාචාර්යලා උතුරේ තරුණියන්ගේ බෙල්ලේ බලෙන් සයිනයිඩ් කරල් එල්ලනකොට අපේ පාලකයෝවත් නැත්නම් ජාත්‍යන්තර සංවිධානවත් කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. එ්කත් අපේ නිවටකම් වල තවත් එක ශෝචනීය අවස්ථාවක්. (නි)