IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැස්ස අඩු වුණත් ආපදා තත්වය අඩුවී නෑ

(අංජුල මහික වීරරත්න)

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි.

උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මි 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවද කරුණානායක මහතා කීය.

මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මි.මි 50 ඉක්මවන වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙක් පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැති අතර අදාළ ආයතන විසින් ඒ පිළිබඳ නිසි දැනුම් දීමක් සිදු කරන තුරු ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔහු දැනුම් දෙයි.

එමෙන්ම ගංවතුර බලපෑ ප්‍රදේශවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමෙන් තොරව, එම ජලය පානයෙන් වළකින ලෙසත්, එමගින් සෞඛ්‍ය ගැටලු රැසක් මහගරවා ගත හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන්නේය. කෙසේ නමුත් මෙහි වක්‍ර බලපෑම තවදුරටත් ලංකාවට පවතින බැවින් දිවයින තුළ සහ අවට මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කි.මි 60-70 දක්වා ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත්, තද සුළං සමග මුහුද රළුවීමේ හැකියාව පවතින බැවින් අද දිනයේද ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් ඔහු දැනුම් දුන්නේය.

මෙම වක්‍ර බලපෑමද නොවැම්බර් 30 වැනිදා වන විට දිවයිනෙන් බැහැර වනු ඇති බවත්, ඉන් පසුව සාමාන්‍ය කාලගුණික රටාවක් ඇති වනු ඇති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එවිට සාමාන්‍යයෙන් සවස් යාමයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වන තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

වැස්ස අඩු වුණත් ආපදා තත්වය අඩුවී නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site