(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබේ.
ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද (07) අත්සන් තැබීය.
ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතායි.
විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන ලෙස ආයෝජන සඳහා යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
විසුම්පාය ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පත් කරන්නේ එම වැඩසටහනේ යටතේයි.
රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් මෙවැනි පෞරාණික ගොඩනැගිලි පුද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් නොකර සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් (Boutique Hotel) ලෙස මෙය සංවර්ධනය කෙරෙන අතර මෙහි ඉහළ මට්ටමේ සංචාරකයින් සඳහා නවාතැන් ගැනීම සඳහා සුඛෝපභෝගී කාමරද, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
1835 අගෝස්තු 24 වන දින යටත් විජිත සමයේදී කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුණි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි
චන්දන Saturday, 08 July 2023 08:42 AM
තවත් කෝටි ගණනක ගැහිල්ලකට සූදානමක්...