IMG-LOGO

වවුනියාවේ බෝම්බ,උණ්ඩ සහ මත්පෙති අල්ලයි

 

(සිතුම් චතුරංග)

වවුනියාව, නිරියකුලම් හි ගෙවත්තක  කෙසෙල් පඳුරක් ආසන්නයේ සූක්ෂම ලෙස වළදමා තිබූ ජීව අත් බෝම්බ 80ක්  ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන  උණ්ඩ තොගයක් සමග තරුණයෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

එම ආයුද ප්ලාස්ටික් බරැලයක බහා තිබූ බව ද විමර්ශන නිලධාරීහු පැවැසූහ.

ඊට අමතරව මේවා සඟවා තිබූ වත්තේ නිවෙසේ ගෝනියක බහා සඟවා තිබූ මත්කරල් පන්දහසකට අධික තොගයක් ද සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී ෙමම ආයුධ සහ මත්ද්‍රව්‍ය ෙතාගය සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී සැක කටයුතු ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කර බැලීමේදී ඒහි බෑගයක සඟවා තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග තිස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ලද තොරතරු මත මෙම අවි තොගය සොයාගත් බව පොලිසිය කියයි.



අදහස් (2)

වවුනියාවේ බෝම්බ,උණ්ඩ සහ මත්පෙති අල්ලයි

Bunny Preena Wednesday, 23 July 2025 09:01 AM

තවත් මිනිස් ඝාතන රැල්ලකට සූදානම් වෙනවා වත්ද? බුද්ධි අංශ වලට සහයෝගයෙන් වැඩ තියෙනවා. ජනතාව හැටියට අපිත් විමසිල්ලෙන් සහ අවධානයෙන් ඉමු. අපට තවත් එවන් දේවල් ඔරොත්තු දේන්නේ නෑ.

:       0       2

Bandw Wednesday, 23 July 2025 01:36 PM

ආයුධ දැන් හම්බ වෙනකොට කොටි නැගිටින්නේ නැද්ද එතකොට...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 93 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site