IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


විවාහයෙන් පස්සේ මම රඟපෑමෙන් තාවකාලිව ඉවත් වුණා

2016-10-06-ent-57

පසුගියදා යුගදිවියට එළැඹි ජනප්‍රිය යොවුන් ටෙලි නාට්‍යය රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂ සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ඇගේ අතගනු ලැබූවේ ඡායාරූප ශිල්පී හර්ෂ දික්මාදුගොඩය. මේ දිනවල කලා කටයුතුවලින් තරමක් ඈත්ව සිටින ගීතිකා තවත් නොබෝ දිනකින් සිය සුපුරුදු කලා කටයුතුවලට එක්වීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය පැවසුවෙන් මෙවන් කතාවකි.

 

කොහොමද අලුත් ජීවිතේ?

2016-10-06-ent-58හොඳයි. මේ දවස්වල කලා කටයුතුවලින් ඈත්වෙලා අලුත් ජීවිතේට හුරුවෙමින් ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි. මම අදහස් කරලා තියෙනවා මාසයක කාලයක් පමණ කලා කටයුතුවලින් ඉවත්වෙලා ඉන්න.

 

කොහොමද හර්ෂව මුණගැසුණේ?

අපේ හමුවීමට ලොකු කාලයක් නම් නැහැ. හර්ෂ වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක්. අපි දෙන්නා මුණගැසුණේ මියුසික් වීඩියෝවක් රූපගත කරන අතරේ. ඉතින් ඒ හමුවීම හරහා අපි පෙම්වතුන් වුණා. පෙම්වතුන් වෙලා කාලයක් ගෙවන්න කලින් අපි විවාහ වෙන්න තීරණය කළා.

 

කලා කටයුතුවලින් දැන් ඈත්වෙලාද?

මගේ විවාහය සිද්ධ වෙන්න කලින් මා රංගනයෙන් දායක වුණ සියලු කලා කටයුතුවල වැඩ ඉවර කළා. අන්තිමට මම රඟපෑවේ සඳුන් රාජකරුණාගේ "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ කිසිදු කලා නිර්මාණයක් මම භාරගත්තෙ නැහැ, විවාහය නිසා. නමුත්, මේ මාසේ මැද වගේ නැවතත් මම කලා කටයුතුවල නිරත වෙන්න අදහස් කරමින් ඉන්නවා. මොකද, භාරගත්තු වැඩ කිහිපයක රූපගත කිරීම් ආරම්භ වෙන නිසා.

 

"ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" කියන චරිතය කළු චරිතයක් නේද?

ඇත්තටම ඔව්. "දිල්කි" කියන්නේ කළු චරිතයක්. බොහෝ පිරිසක් මේ චරිතයට කැමති නැහැ. මගේ "ෆේස්බුක්" ගිණුමට වගේම, මට කෙටි පණිවුඩ එවලා බණිනවා. "ඇයි ඔයා තාරකට එහෙම කරන්නේ, පව්නෙ එයා" කියලා. මේ ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක බලද්දි මට හිතනවා "දිල්කි" කියන චරිතයට මම හොඳ සාධාරණයක් ඉටුකරලා තියෙනවා කියලා.

 

නමුත්, "දිල්කි" කියන චරිතයට වඩා ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" චරිතය තුළින් නේද?

ඔව්, අදටත් මට "සුදු හාමිනේ" කියලා අමතන පිරිසක් ඉන්නවා. මම හිතන්නෙ මම වාසනාවන්තයි එවැනි චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබීම ගැන. විශේෂ ස්තුතිය පිරිනමන්න ඕන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සඳුන් රාජකරුණා මහත්මයාට. ඔහු තමයි මාව ඒ චරිතයට හැඩගැස්සුවෙ. ඔහු හැමවෙලාවේම මගේ ඉරියව් ගැන අවධානයෙන් හිටියා. මම පොඩ්ඩක් චරිතයෙන් පිටපනින කොට ඔහු තමයි මට උපදෙස් දුන්නේ "සුදු හාමිනේ" මෙන්න මෙහෙම චරිතයක් විය යුතුයි කියලා.

 

"සුදු හාමිනේ" චරිතයෙන් පස්සේ ඔබ "දිල්කි" වැනි කළු චරිතයක රඟපාන්න කැමති වුණේ ඇයි?

මට මේ අවස්ථාව දුන්නේ ලලිත් වසන්ත මහත්මයා. ඔහු මට මේ චරිතය භාර දෙනකොටම කිව්වා මේ චරිතය මෙහෙම චරිතයක්, ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා. ඔහු තවත් කාරණයක් මට මතක් කළා. නිතරම සුදු චරිතවලට පෙනී ඉන්නවට වඩා, කළු චරිතයක් හරහත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕන කියලා. ඒ අභියෝග මැද තමයි මම %දිල්කි^ කියන කළු චරිතය භාරගත්තේ. නමුත්, මම බලාපොරොත්තු වුණා මේ චරිතය තුළින් මට යමක් කරන්න පුළුවන් කියලා. රංගන ශිල්පිනියක් වුණහම විවිධ වෙනස් චරිත කරන්න ඕන. අන්න ඒ නිසා තමයි මම "දිල්කි" චරිතය භාරගත්තේ.

 

ගීතිකා ආස කරන චරිත තියෙනවා?

ඔව්, මම කැමතියි ගැමි චරිතයක් කරන්න. චීත්ත ගවුමක් ඇඳලා ගැමි පෙනුමෙන් රඟපාන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. මම ටෙලි නාට්‍යය නිෂ්පාදක ලලිත් වසන්ත මහත්මයා මුණගැසුණ වෙලාවකත් මම ඒ ගැන කිව්වා. බලමු ඉදිරියෙදි, එවැනි අවස්ථාවක් මට ලැබෙයිද කියලා.

 

ගීතිකා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු කිහිපයක් වුණත්, අපි ඔබව දැක්කේ නිර්මාණ කිහිපයකින් පමණයි?

2013 අවුරුද්දේ තමයි මම රඟන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආවේ. මුලින්ම රඟපෑවේ දෙරණ නාළිකාවේ විකාශය වුණ "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "විශ්මි" කියන චරිතය. ඊට පස්සේ "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" ලෙසත්, "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" ලෙසත් මම රඟපෑවා. මගේ විවාහයෙන් පස්සේ මට තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගොඩක් දුරට මම නිර්මාණවල දකින්න නැත්තේ මම චරිත තෝරාබේරා ගෙන රඟපාන නිසා වෙන්න ඇති.

 

සංවාදය - බුද්ධික සේනාධීර

ඡායාරූප - සුමිත් අමරසිංහ

 

2016-10-06-ent-56



අදහස් (0)

විවාහයෙන් පස්සේ මම රඟපෑමෙන් තාවකාලිව ඉවත් වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site