IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


'විවාහක විශ්ව රූ රැජින' වූ මයුමි ශ‍්‍රීමාලි

2016-09-12-ent-31

පසුගියදා පැවැතිිවිවාහක විශ්ව 'රූරැජින' තරගයේ ජයග‍්‍රාහිකාව වන මයුමි ශ‍්‍රීමාලි සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණෙමු. නිරූපිකාවක් ලෙස වසර කිහිපයක් කටයුතු කර ඇති මයුමි ඉදිරියේදී රංගනය පැත්තටද එක්වීමේ බලාපොරොත්තුවකින් පසුවේ.

 

මුලින්ම ඔබ ජයගත් 'විවාහක විශ්ව රූරැජින' තරගය ගැන කතා කරමු?

2016-09-12-ent-05මේ තරගය තිබුණේ පසුගිය අගෝස්තු මාසයේදී. තරගකාරියන් විශාල පිරිසක් මේිවිවාහක විශ්ව රූපරාජිනි’ තරගයට සහභාගී වෙලා තිබුණා. තරගකාරියන් 12 දෙනෙකු අතරේ තමයි අවසන් මහා තරගය තිබුණේ.

 

අවසන් තරගකාරියන් අතරට එනකොට විශ්වාසයක් තිබුණාද මේ තරගයේ ජයග‍්‍රහණයක් ඔබට තියෙනවා කියලා?

ඔව්, පළමු තැනට වඩා මම බලාපොරොත්තු වුණේ අවසන් තරගකාරියන් තිදෙනා අතර ජයග‍්‍රහණයක් මට තියෙයි කියලා. ඒ වගේම මේ තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තරගකාරියන් 12 දෙනාම දක්ෂයෝ. නමුත්, අවසන් අදියරය වෙන කොට මට හිතුණා මේ තරගයේ මුල් තිදෙනා අතරේ මට ජයග‍්‍රහණයක් තියෙනවා කියලා.

 

ඔබ නිරූපිකාවක් විදිහටත් කටයුතු කළ අයෙක්?

ඔව්. මීට අවුරුදු 05කට කලින් මම නිරූපණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්. මුලින්ම කටයුතු කළේිමනාලියන්ගේ විලාසිතා දැක්මවල්’වලට. ක්ෂේත‍්‍රයට ආවේ 'අයිපබා' මනාලියන්ගේ දැක්මට සම්බන්ධ වෙලා. පස්සේ වෙනත් වෙනත් විලාසිතා දැක්මවල්වලටත් දායක වුණා. ජාතික රූපවාහිනියේ විකාශය වෙන 'නුග සෙවණ' වැඩසටහනට කිහිප වරක්ම මනාලියක් ලෙස දායක වෙලා තියෙනවා.

 

නිරූපණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මම ගොඩක්ම කැමති ක්ෂේත‍්‍රයක්. පාසල් යන කාලේ මම නර්තනය හා නිවේදනය පැත්තට යොමු වෙලා වැඩ කරලා තියෙනවා. නමුත්, පුංචි කාලේ මගේ හීනේ වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් විදිහට රැකියාවක නිරත වෙන්න. මම ගුවන් සේවිකාවක් වෙන්න සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම දායක වුණා. නමුත්, මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නිසා අවසානයේ ගුවන් සේවිකාවක් වෙන හීනය අත්හැරලා දාන්න සිදුවුණා. ඒත්, මම තාමත් කැමතියි ඒ වෘත්තියට සම්බන්ධ වෙලා වැඩ කරන්න.

 

රූරැජින තරගයකින් ජයග‍්‍රහණයක් කළාට පස්සේ බොහෝ දෙනෙකුට කලා කටයුතුවලට ඇරයුම් ලැබෙනවා. මයුමිටත් එවැනි ආරාධනා ලැබුණාද?

ඔව්. ලැබිලා තියෙනවා. ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. පුංචි කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වෙන හීනයකුත් මට තිබුණා. ඒ වගේම මම කැමතියි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් වැඩ කරන්න. හොඳ වැඩක් ආවොත් ඒ පැත්තටත් යොමු වෙන්න මගේ අදහසක් තියෙනවා.

 

උදව් කළ පිරිසකුත් ඇති?

මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ සැමියා. ඔහු තමයිි 'විවාහක විශ්ව රූරැජින' තරගයට ඉදිරිපත් වෙන්න උනන්දු කළේ. ඒ වගේම ඔහු මට ගොඩක් උදව් කළා ඒ තරගයේදී. ඊට අමතරව මගේ අම්මා, තාත්තා දෙන්නව ආදරයෙන් මතක් කරන්න අවශ්‍යයි. මෙම තරගයේදී මට උදව් කළ පිරිසක් ඉන්නවා. මලිත් රණසිංහ, අර්ජුන් සේනානායක හා නිලූ‍ සේනානායක දෙදෙනා,ිඅවීරා’ සැලෝන් ආයතනය, ගිහාන් හා හසරංග දෙදෙනා ඇතුළු නන් අයුරින් සහය දැක්වු සැම දෙනාවම මේ වෙලාවේදී මතක් කර සිටිනවා.

 

ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-09-12-ent-04
2016-09-12-ent-03
2016-09-12-ent-02
2016-09-12-ent-01



අදහස් (0)

'විවාහක විශ්ව රූ රැජින' වූ මයුමි ශ‍්‍රීමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site