IMG-LOGO

විවියන්ට මලින් උපහාර දක්වයි

සමසමාජ පක්ෂයේ නායිකාවක වූ අභාවප්‍රාප්ත විවියන් ගුණවර්ධන මහත්මියගේ සිය වැනි ජන්ම දින සැමරුම අද (19) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.

ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

DSC_3435 DSC_3444 DSC_3464 DSC_3489



අදහස් (0)

විවියන්ට මලින් උපහාර දක්වයි

බමුණු ආරච්චි Tuesday, 20 September 2016 12:18 AM

බුද්ධික, අප සිහිකරන්නේ එම මැතිනියයි. එන්. එම්. පෙරේරා, කොල්වින් සිල්වා වගේ අය මෙරටට නැවත එන්නේ නැත. එමනිසා සමසමාජ පක්ෂය තිබී අපිට වැඩකුත් නැත. එසේම මහින්ද මහතාට දොස් කියන්න පළමුව 75% යුද්ධය අවසන් කළා කියන අයගේ එම කෙරුවාව ගැනත් සොයාබලා කතා කරන්න. එතුමියටත් සමසමාජ පක්ෂයටත් මම තාම ගරු කරනවා. ඒ කවුරු කළත් කළ හොඳටත් එය කළ කෙනාටත් ගෞරව කරන නිසා. (නි)

:       0       0

බුද්ධික Tuesday, 20 September 2016 01:23 AM

බමුණුආරච්චි, මම කිසිලෙසකින් එතුමිය සිහිපත් කිරීම වැරදියි කියලා කිවුවේ නැහැ. කරුණාකරලා වැරදි අර්ථකථන දෙන්න එපා. අනික අදට යුද්ධය ඉවරවෙලා වසර හයකට වැඩියි. හැබැයි යුද්ධයට තුඩුදුන් හේතු එහෙමම තියෙනවා. යුද්ධය ඉවරයි කියලා සාමය ලැබෙන්නේ නැහැ. යුද්ධයට පාදක වූ හේතු ඉවර කිරීමයි දැන් අපි රටක් ලෙස කළයුත්තේ (නි)

:       0       0

ශාන්ත Tuesday, 20 September 2016 02:26 AM

එතුමිය අද හිටියා නම් සමසමාජෙට අද ඇතිවෙලා තියෙන තත්වය ඇතිවෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න රත්නසිරි Tuesday, 20 September 2016 02:40 AM

රටේ ඉතිහාසයවත් නොදැන නොදන්නාකමම පණ්ඩිතකමක් වගේ සිතා අදහස් දැක්වීම විලාසිතාවක් කරගත් අය බහුලවීම රටේ පරිහානියේ මුලයි (නි)

:       0       0

බමුණු Monday, 19 September 2016 01:05 PM

අපේ ආසනයේ නියෝජනය කරපු මන්ත්‍රී තුමියට මගේ උපහාරය. (බ)

:       0       0

බමුණු Monday, 19 September 2016 12:59 PM

ගුණ ගරුක මිනිස්සු තව ඉන්නවා පෙනෙනවා. (බ)

:       0       0

බුද්ධික Monday, 19 September 2016 01:24 PM

එතුමිය සිහිපත් කිරීම බොහොම හොඳ වැඩක්. හැබැයි අද සමසමාජ පක්ෂය තියෙන්නේ නමට පමණයි. එයත් දෙකට කැඩිලා . කොටසක් ජයම්පති වික්‍රමරත්න මහත්තයා සමඟ ආණ්ඩුවට එකතුවෙලා එදා ඇන් ඇම් ලා, කොල්වින් ලා කියපු ඒකාධිපති ව්‍යවස්ථාව ගෙදර යවන්න වැඩ කරනවා. අනෙක් අය සමසමාජ වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනිව මහින්ද රජ කරන්න දඟලනවා (බ)

:       0       0

චන්න Monday, 19 September 2016 01:42 PM

ඇත්තටම උපහාර දක්වන්න මෙතුමිය රටට කළේ මොනවාද. දන්නා කෙනෙක් කියලා දෙනවද (බ)

:       0       0

චතුරි Monday, 19 September 2016 02:01 PM

දැන් තමයි මේ වගේ කට්ටිය මතක් වෙන්නේ (හේ)

:       0       0

උපාලි Monday, 19 September 2016 03:03 PM

හිටපු ගමනා ගමන ඇමති කෙනෙක් වන සහ 50-80 දශකයන්හි සම සමාජ පක්ෂයේ එන් එම්, කොල්වින් වගේ නායකයින් සමග එකට හිටපු ලෙස්ලි ගුණවර්ධන මහතාගේ මැතිනිය . උසස් යයි සම්මත පවුලකින් ආපු ඒ මැතිනිය තම ජිවිත කාලයේම පීඩිත පන්තියේ ප්‍රශ්න වෙනුවෙන් තම ස්වාමියා සමග කැපවුණා. එතුමිය සිහිපත් කිරීම, සදාචර දේශපාලනක් පතන සැමට ඉතාම කාලෝචිත දෙයක්. (බ)

:       0       0

සාමේල් Monday, 19 September 2016 03:20 PM

මෙතුමිය ඉතා වටිනා සේවා වටිනාකමක් අපට කියා දුන් ඉතිහාසගත චරිතයකි. (හේ)

:       0       0

ධම්ම Monday, 19 September 2016 04:11 PM

අනේ මෙතුමියටත් යුඇන්පී කාරයෝ බිම පෙරලාගෙන ගැහුවානේ. (අ)

:       0       0

රණතුංග Monday, 19 September 2016 04:23 PM

නොදන්නා එවුන් කළ යුත්තේ කොමෙන්ට්ස් කර තම නොදන්නා බව පෙන්නා දීම නොවේ. පොත් පත් හෝ ලිපිලේඛන මගින් ඉතිහාසගත මෙවන් උතුම් චරිත ගැන දැන ගෙන එවන් අයට ගරු කිරීමයි. (බ)

:       0       0

අජිත් Tuesday, 20 September 2016 03:08 PM

අර කම්කරුවන් වෙනුවෙන් පනතක් ගෙනල්ල මෙයා මහා විශාල සේවයක් කලා (අ)

:       0       0

සිරිල් Monday, 19 September 2016 09:23 PM

දේශපාලනය ගැන යන්තම් හෝ දැනුම් තේරුම් තියෙන අය මෙතුමිගෙන් සිදුවුණ සේවයට උපහාර පුදකරනවා. පක්ෂ පාට මොක වුණත් "පිදියයුත්තා පිදීම" යහපත් ක්‍රියාවක් වගේම අනාගත පරපුරට ආදර්ශයක්. එවන් ගුණධර්ම පිරිහීමේ ප්‍රතිඵල සමහර අයගේ ප්‍රකාශ වලින් පෙනෙනවා. කණගාටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site