(රොමේෂ් මධුෂංඛ, සිතුම් චතුරංග)
වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා මේ වන විට අනුරාධපුර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතරම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
බිළිදා සොරකම් කිරීම සඳහා සැකකාර කාන්තාව ගැබිණියක සේ පෙනී සිටිමින් වවුනියාව ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය වෙත ඇතුළුවී ඇති අතර එහි සිටි බිළිඳාගේ මව සමඟ සුහදව කතාබස්කොට මිතුරුවී ඇය කිසියම් අවශ්‍යතාවක් සඳහා බිළිඳා ඇඳ මත තබා පිටතට පැමිණි අවස්ථාවක අදාල කාන්තාව විසින් බිළිඳා පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකාර කාන්තාව කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණ කාන්තාවක වන අතර වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අත්ඩංගුවට