(ඉන්දිකා රාමනායක)
වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
අද පෙරවරු 6.00 ට මොවුන්ගේ රාජකාරිය නිමවීමට නියමිතව තිබූ අතර රාජකාරි භාර ගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු එහි තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී තිබුණි.
ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල








COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.