IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වව්නතිව් ඝාතනයට කිලිනොච්චියෙන් අයෙක් අත්අඩංගුවට

තරිඳු ජයවර්ධන
 
වව්නතිවුහිදී පොලිස් නිලධාරීන් දෙදෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව එක් සැකකරුවකු කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම සැකකරු ඊට දිනකට පෙර වව්නතිවු ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත්තත් නිශ්චිතවම ඔහු මේ අපරාධයට සම්බන්ධදැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත් පොලිසිය පවසයි.
 
ඊයේ දින සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චියේ ඔහුගේ නිවස අවට පොලිස් රැකවල්ලා තිබී ඇත. පොලිසියෙන් ඔහුගේ නිවසට යන විට ඔහු සිට නැති අතර ඔහු නිවසට පැමිණි පසු පොලිසිය ආවේ ඇයිද බැලීමට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම පුද්ගලයා 48 හැවිරිදි අයෙකි.

 



අදහස් (5)

වව්නතිව් ඝාතනයට කිලිනොච්චියෙන් අයෙක් අත්අඩංගුවට

Bamunuarachchi Saturday, 01 December 2018 01:13 PM

දුත ලක්ෂණවලින් මේ පුද්ගලයා වෙන්න බැහැ කියලයි කියවෙන්නේ. මෙවන් සාහසික වැඩක් කළ පුද්ගලයා කාරණාව අසාගෙන පොලීසියට එන්නේ නැත.

:       0       59

Danushka Saturday, 01 December 2018 02:31 PM

අමිල හිමි ගැන වාර්තාවක් පලවෙලා තියෙනවා. කරුණාකර ඒ දේ සිංහලෙන් මහජනතාවට දන්වන්න.

:       180       441

පිටිගල මිලානෝ Saturday, 01 December 2018 04:47 PM

බොර දියේ මාළු බාලා තම බලය රැක ගන්න පුළුවන් කියලා හිතන දුෂ්ට කොටසකගේ යටිකූට්ටු වැඩක්ද මේක?

:       2       4

ශාන් Saturday, 01 December 2018 08:24 PM

අසරණ මිනිහෙක් වෙන්න ඇති. නැත්තන් පොලිසියෙන් ආවේ ඇයි කියල බලන්න පොලිසියට එන්නේ නෑනේ.

:       0       3

Pablo Sunday, 02 December 2018 06:17 PM

හරියටම වැරදිකරුවන් අල්ලා ගන්න. පරක්කු නොකර ආයුධ පෙන්නන්න එක්ක යන්න ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site