ශ්රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ සම්මේලන කුසලාන විවෘත ස්කොෂ් තරගාවලියේ (2012) විවෘත පිරිමි ශූරතාව රවිඳු ලක්සිරි ද, කාන්තා ශූරතාව නිරාෂා ගුරුගේ ද දිනා ගැනීමට සමත්වුහ. තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
ඞී.එස්.සේනානායක විදුහලේ නැඟී එන ක‍්‍රීඩක රවිඳු, ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටි ගිහාන් සුවාරිස් (11/8, 7/11, 11/7, 12/10, 11/9) පරදවා විවෘත ශූරතාව දිනාගත්තේ තියුණු තරගයකින් පසුවය. 16 හැවිරිදි රවිඳු, තරගාවලියේ 19 න් පහළ ඉසව්වේ (බාලක) ශූරතාව ද දිනා ගත්තේය.
විවෘත කාන්තා ශූරතාව දිනාගත් නිරාෂා ගුරුගේ හිටපු ජාතික ශූරියකි. ෂමිල් වාකීල් සහ කසුනි ගුණවර්ධන කනිෂ්ඨ ඉසව්වලදී ශූරතා දෙක බැගින් දිනා ගැනීමට සමත්වුහ.
අවසන් තරග ප‍්‍රතිඵල:
● විවෘත පිරිමි ඉසව්ව
රවිඳු ලක්සිරි විසින් ගිහාන් සුවාරිස් පරාජය කරන ලදී.
● විවෘත කාන්තා ඉසව්ව
නිරාෂා ගුරුගේ විසින් මිහිලියා මෙත්සරණී පරාජය කරන ලදී.
● අතරමැදි පිරිමි ඉසව්ව
ලාල් වික‍්‍රමසිංහ විසින් සී.එච්.තලගල පරාජය කරන ලදී.
● වයස 45 ට වැඩි (පිරිමි)
ආර්.එස්.දීන් විසින් එම්.අස්මි පරාජය කරන ලදී.
● වයස 50 ට වැඩි (පිරිමි)
එම්.අස්මි විසින් අජිත් අබේසේකර පරාජය කරන ලදී.
කනිෂ්ඨ ඉසව්
● 9 න් පහළ (බාලක)
නවිදු ලක්මන් විසින් ජී.උදයන් පරාජය කරන ලදී.
● 9 න් පහළ (බාලිකා)
යෙහානි කුරුප්පු විසින් ශමින්දි ප‍්‍රගීෂා පරාජය කරන ලදී.
●11 න් පහළ (බාලක)
මෙත්මල් වුඞ් විසින් රවීන් නානායක්කාර පරාජය කරන ලදී.
● 11 න් පහළ (බාලිකා)
සමීරා ඞීන් විසින් දෙව්මිණී ගාල්ලගේ පරාජය කරන ලදී.
● 13 න් පහළ (බාලක)
දුවින්ක පෙරේරා විසින් හිෂාන් බාලසුරිය පරාජය කරන ලදී.
● 13 න් පහළ (බාලිකා)
කසුනි ගුණවර්ධන විසින් සමීරා ඞීන් පරාජය කරන ලදී.
● 15 න් පහළ (බාලක)
ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී.
● 15 න් පහළ (බාලිකා)
කසුනි ගුණවර්ධන නිතරග ජයක්
● 17 න් පහළ (බාලක)
ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී.
● 17 න් පහළ (බාලිකා)
නඳුනි ගුණවර්ධන විසින් රවීනා සුමතිපාල පරාජය කරන ලදී.
● 19 න් පහළ (බාලක)
රවිඳු ලක්සිරි විසින් දසිත් සේනානායක පරාජය කරන ලදී.
● 19 න් පහළ (බාලිකා)
මිහිලියා මෙත්සරණී විසින් ගයාරා ජයසුරිය පරාජය කරන ලදී.
ඡායාරූප:
ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වු ආසියානු ස්කොෂ් සම්මේලනයේ ලේකම් කේ. ශිවනේෂන් මහතා අතින් ජයග‍්‍රාහී රවිඳු ලක්සිරි සහ නිරාෂා ගුරුගේ සම්මාන ලබාගත් අයුරු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විවෘත ස්කොෂ් තරගාවලියේදී රවිඳු - නිරාෂා ශූරතා දිනති