කල්පිටියේ දූපත් 14ක වැසියෝ දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මුහුදු වැල්ලේ වළක් හාරා ඊට එකතුවන ජලය පෙරා ඔවුහූ බීමට ගනිති. වාරකන් සමයේදී මේ අයුරින් වතුර ලබා ගැනීමටද නොහැකි බව දූපත් වාසීහූ කියති.
කල්පිටිය නගරයේ සිට මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා ඔස්සේ ජලය ගෙන යාම මෙම ජනතාවට ජලය ලබා දීමට ඇති එකම විකල්පය වේ. එක් ජල බූලියක් රුපියල් තුන්සිය පනහේ සිට රුපියල් දහස දක්වා මිල නියම කර ඇත.
බත්තලන්ගුංඩුව, පල්ලියවත්ත යන දුපත් වල පමණක් සාමාන්‍යයෙන් පවුල් තුන්දහසක් පමණ වෙසෙති.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලි මිරිකා දිය සොයති
අතුල Wednesday, 17 April 2013 03:06 PM
මේ අහිංසකයන්ගේ දුකට පිහිට වෙන්න මේ රටේ පාලකයන්ට බැරිද. මහජනයාට සේවය කිරීම සඳහා ඇමැතිවරුනම් කී දෙනෙක් ඉන්නවා ද ඒ වැඩක් නෑ. මේ මිනිස්සු සදා දුකේ තමයි. අඩුම ගානේ බොන්න වතුර ටිකක්වත් නෑ (අ)
ගාමිණි Wednesday, 17 April 2013 03:15 PM
ඔය පම්පෝරි ගහන දේශපාලනච්චින්ට බැරිද අඩු තරමින් නලලින් ටිකක් වත් ගහල දෙන්ට. මලකඩ නම් පෙරලා ,උණුකරල හරි බොන්නේ නැතෑ (අ)
උපුල් Wednesday, 17 April 2013 03:19 PM
මේක බොරුවක් ! ආශ්චර්යමත් ලංකාවේ මෙහෙම දේවල් වෙන්න බැහැ. (නි)
ෂෙරිෆ් Wednesday, 17 April 2013 03:20 PM
මේ පළාතේ ජිවත්වන අය කාටද ඡන්දය දුන්නේ? (නි)
ප්‍රියා Wednesday, 17 April 2013 11:33 PM
හේමන්ත, වළවල් කපලා තියෙන්නේ මුහුදු වෙරළේ. සිංහල තේරෙන්නේ නැද්ද. ඒකයි ළගම වතුර තියෙනවා වගේ පේන්නේ (නි)
රිස්වාන් Wednesday, 17 April 2013 03:24 PM
මෙන්න මේ වගේ දේවල්වලට කවුරුත් උදව් කරන්න ඉදිරිපත් නොවන්නේ ඇයි ? මේ කට්ටිය වතුර ටිකක් බොන්න කොච්චර මහන්සි වෙනවද, ලැම්බොගිනි, නයිට් රේස්, කැසිනෝ... දැන් මේ වගේ දේවල්ද මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියන්නේ ? (නි)
විජේසිංහ Wednesday, 17 April 2013 03:26 PM
මෙවැනි දැවෙන ප්‍රශ්න තියෙද්දීත් අපි අහක බලාගෙන හලාල් වැනි නැති ප්‍රශ්න ඇති කර ගත්තනේ. අනේ අපොයි! (නි)
ශෆීක් Wednesday, 17 April 2013 03:30 PM
ඇත්තෙන්ම අතුල මේ කැබිනට් මණ්ඩලේ එක්කෙනකුටවත් බැරිවුණානේ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. පව් අහිංසක මිනුස්සු. (නි)
ලකී Wednesday, 17 April 2013 03:31 PM
මම මේ දූපත් වලට ගිහින් තියෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඇත්තේ ඉතාමත් පහළ ම්ටටමක. (නි)
හේමන්ත Wednesday, 17 April 2013 03:41 PM
වාරකන් හැමදාම නැති නිසා, ගමේ අය සමගියෙන් ළිදක් කපා ගත්තොත් නරකද? පෙනෙන විදියට වතුර ළගම තියෙනවා. මේවට ආණ්ඩුවටම දොස් කියන්න එපා. (නි)
ජීවන්ත Wednesday, 17 April 2013 03:50 PM
අතුල, ගාමිනී, පාලකයන් ඕක පවරාගෙන හෝටලයක් නම් ගහාවි. (නි)
ගජබා Wednesday, 17 April 2013 04:01 PM
මෙවැනි දුපත් වල ජලය ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒවාට මුදලක් වැය වෙන එක හැබෑව. නමුත් ඒවා නියම විදියට කළ යුතුයි. දේශපාලනේ ඒවාට විසඳුම් නැහැ. (නි)
අචිනි Wednesday, 17 April 2013 04:07 PM
මේවා කරන්න කෝ සල්ලි? කාර් රේස් වලට වියදම් කරන්න වුණානේ (නි)
චතුල වෙරෝනා Wednesday, 17 April 2013 04:15 PM
මී ලඟ ජන්දයෙන් පසු පානීය ජල ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙනවලු (නි)
සෑම් Wednesday, 17 April 2013 04:42 PM
හරිම සෝචනීය පුවතක්. මේකට වගකිවයුතු අය සොයා බලන්න කරුණාකරලා. (නි)
අනුර Wednesday, 17 April 2013 04:48 PM
කෝ පළාත් සභාවේ මන්ත්‍රීලා? (නි)
අනුරාධ. Wednesday, 17 April 2013 05:30 PM
මේ අයට පිහිට වෙන්න අපට ක්‍රමයක් නැද්ද? (නි)
රිස්වාන් ඩුබාඊ Wednesday, 17 April 2013 05:53 PM
කෝ මේ ජල ඇමතිතුමා ? (නි)
ලාල් Wednesday, 17 April 2013 07:01 PM
ඇස් ඇර බලනු මැනවි පාලකයිනි, නුඹලා කොයිතරම් පුරසාරම් දෙඩුවත් මගේ දුප්පත් රටේ ජනතාව විඳින සැපක් නැත (නි)
දර්ශන් Wednesday, 17 April 2013 07:28 PM
මෙයාලට කොහෙන් හෝ අපි තට්ටු නිවාස ලබාදෙමු (නි)
අභිජිත් Wednesday, 17 April 2013 07:56 PM
විජේසිංහගේ ප්‍රකාශය හරිම වැදගත්, කාලෝචිතයි. (නි)