IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති

(ඩයනා උදයංගනී)

වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩ වැලි ජාවාරම හේතුවෙන් අම්බලන්තොට වලේවත්ත ගම්මානය ජනතාවට පදිංචිව සිටීමට නොහැකි තරමට විනාශ වී ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

සාර්ථක ලෙස පොල් වගා කර තිබු එම ගම්මානයේ වගා කර තිබු පොල්ගස් හා වෙනත් වටිනා ගස් පවා ගැළවී විනාශ වී ගොස් ඇති බවත්, ඇතැම් නිවාස ද විනාශ වී තිබීම නිසා බොහෝ පවුල් එහි ජීවත්වීමට නොහැකිව ගම හැරගොස් ඇති බවත්, වැලි ජාවාරම්කරුවන් විසින් මෙම ගම්මානට පාලු ගමක් බවට පත් කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අවුරුදු 10ක, 15ක කාලයක සිට ගොඩවැලි කැණීමෙන් මෙම විනාශය සිදුව ඇතැයි කී ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම ගම්මානය පුනරුත්ථාපනය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.  

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවරුන් සිවු දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම විමර්ශන කටයුතු සඳහා යොදවනු ලැබ ඇතැයි කී ඇමතිවරයා ඔවුන් මේ වනවිටත් වලේවත්ත ගම්මානයට ගොස් එම විමර්ශණ ආරම්භ කර ඇති බව කීවේය.

එම විමර්ශණවලින් අනතුරුව ඔවුන් විසින් ගම්මානය නැවත පුනරුත්ථාපනයට අවශ්‍ය නිර්දේශ වාර්තාවක් වහා ලබා දෙනු ඇතැයි කී ඇමතිවරයා මේ වනවිට ගොඩවැලි කැණීම් බලපත් නිකුත් කිරීම ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කයන්හි ද ගොඩවැලි කැණීම හේතුවෙන් දැවැන්ත පාරිසරික හානි සිදුවී ඇතැයි කී මහින්ද අමරවීර මහතා ඇතැම් ප්‍රදේශවල ගොඩවැලි කැණීම් හේතුවෙන් කුඹුරු ඉඩම් අඩි 20, 15 වලවල් බවට පත්ව ඇතැයි ද කීවේය.

ඉදිරියේදී ඒ සඳහා නව බලපත් ලබාදීම සිදුකරන්නේ ඉංජිනේරුවන්ගේ හා අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ බවත්, වැලි කැණීම් කටයුතු ද නිරන්තර අධීක්‍ෂණයකට ලක්කරන බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම එම භූමිය නැවත ප්‍රතිසංස්කරණය කරන බවට වන ඇප තැන්පතුවකින් පසුව බලපත්‍ර ලබාදීම සිදුකරන බව ඇමතිවරයා කීවේය.

 



අදහස් (2)

වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති

Kule Thursday, 17 March 2022 08:27 PM

අර විල්පත්තුව පැත්තේ කෙනෙක් ගස් හිටෙව්වා වගේ තියෙයි නේද ආයුබෝවන්...?

:       0       5

Lalith M Thursday, 17 March 2022 09:27 PM

නැවත බලපත්‍ර දෙනවා... මොන විදිහටද මිනිස්සුන්ට විහිළු කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site