IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වැලිසර කඳවුරේ නාවික සෙබළුන් 82 ක් නිරෝධායනයට

(කුෂාන් ජයවරධන)

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරික් නිරෝධායනය සඳහා අද (21) ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

නාවික හමුදා බස් රථ 05 කින් නාවික සෙබළුන් 82 ක් ගල්කිරියාගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසල් භූමියේ කොටසක මෙම නිරෝධායන මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර විශේෂයෙන් සැකසූ ශාලා 03 ක මෙම සෙබළුන් පිරිස අද සිට දින‍ 14 ක් නිරෝධායනට යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

නිරෝධායනයට ලක්ව නාවික සෙබළුන් සිටින කලාපය වෙනම  පවත්වාගෙන යමින්  සිවිල් ආරක්ෂක කඳවුරේ  රාජකාරියේ නිරත සෙබළුන් හා එම කලාපය අතර සම්බන්ධතාවය දුරස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මේ වනවිට ලබා දී අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 

 



අදහස් (0)

වැලිසර කඳවුරේ නාවික සෙබළුන් 82 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site