IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙල්ලමුල්ලිවයික්කාල් ඉඩමකින් බෝම්බ හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියකු වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බව මුලතිව් පොලීසිය පවසයි.

වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවත පදිංචියට ගිය වැසියෙකු විසින් සිය නිවස ආසන්නයේ තවත් ඉදිකිරීමක් වෙනුවෙන් වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ බිම්බෝම්බ කිහිපයක් මතු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාල බිම්බෝම්බ තොගය සොයාගෙන ඇත.

එහිදි වළදමා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බ 50 ක් හා ෆියුස් 43 ක් සොයාගෙන ඇති අතර පසුව එම බෝම්බ තොගය වැඩිදුර අධිකරණ  කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දී ඇති අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව ඉදිරියේදී එම බෝම්බ තොගය විනාශ කිරීමට නියමිතව ඇත.

 



අදහස් (3)

වෙල්ලමුල්ලිවයික්කාල් ඉඩමකින් බෝම්බ හමුවෙයි

Ruwan Wednesday, 08 November 2017 06:03 AM

තව ඇති...

:       0       19

බුම්මට්ටා Wednesday, 08 November 2017 09:46 AM

එ්කනේ කියන්නේ හමුදාව ඉවත් කරන්න බැහැ කියලා තේරෙන්නේ නැද්ද?

:       1       1258

bamunuarachchi Wednesday, 08 November 2017 02:14 PM

විනාශ කරන්න නම් විග්නේශ්වරන්, සිවාජිලිංගම්ලාට පා ගන්න කියමු.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site