IMG-LOGO

වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප‍්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි.

සැකකරුවන් සිව්දෙනා කුඩා බෑගයක මෙම බෙල්ලා සඟවාගෙන ගැනුම්කරු පැමිණෙන තෙක් මාබෝලේ ප‍්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි තිබේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා වයස අවුරුදු  37,36,34,31 යන වයස්වල පසුවන්නන් බවත් මොවුන් වැල්ලම්පිටිය,  ග‍්‍රෑන්ඞ්පාස්,  වත්තල යන ප‍්‍රදේශය වල පදිංචිකරුවෝ වෙති.

කින්‍නියා ප‍්‍රදේශයෙන් ලැබුණ මෙම වාලම්පුරිය තමන් රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට  සුදානමින් සිටින  බවට පොලිස් ප‍්‍රශ්න කිරිම් හමුවේ සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත.
 



අදහස් (3)

වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ

Athula k Monday, 01 January 2018 06:52 AM

මේ අය කරපු වරද මොකද්ද කියලා තේරෙන්නේ නෑ...

:       0       60

KannalkarayaaMonday, 01 January 2018 07:20 AM

වාලම්පුරි, නැතිනම් හක් බෙල්ලන් විකුණන්න මහාචාර්ය පට්ටමක් කොහෙන් හරි ඕනෙද දන්නේ නැහැ.

:       0       25

Bamunuarachchi Monday, 01 January 2018 07:59 AM

කතාව ඇත්ත නම් මේක යකාගේ වැඩක්නේ. කව්රුවත් පැමිණිල්ලක් දාලා නැහැනේ.. වාලම්පුරියක් නැති වුණා කියලා.. එහෙම නම් පොලිසියට පුළුවන්ද? එහෙම පාරේ ඉන්න මිනිසුන් අත්අඩංගුවට ගන්න. වාලම්පුරි විකුණන්න තහනම්ද?

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site