IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වැලිගම ප්‍රා.සභාපති ඝාතනයට රජය වගකිව යුතුයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට රජය සෘජුවම වගකිවයුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය.

වික්‍රමසේකර මහතා තමන්ට ජීවිත තර්ජන අැතැයි පසුගිය අගෝස්තු මස 29 වැනිදා පොලිස්පතිවරයාට දැනුම්දී  තිබූ නමුත් ආරක්ෂාව සපයා  නොතිබූ    බව පැවසූ විපක්ෂනායකවරයා වැලිගම සභාපතිවරයා  ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට යැවූ එම ලිපිය  සහ  දිවුරුම් ප්‍රකාශයද  සභාගත කළේය.

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දීමට ලෑස්ති වූ රජයේ නියෝජිතයා  දැන් කොහේදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව  යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (12)

වැලිගම ප්‍රා.සභාපති ඝාතනයට රජය වගකිව යුතුයි

දේශප්‍රිය Thursday, 23 October 2025 03:08 PM

මේ මිනීමැරුම කල අවිය පන්නපු කන්ටේනරයක ගෙනාපු එකක් විය හැකියි. ආණ්ඩුව ආයුධ, මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා වලට ඍජුවම සම්බන්ධ බව නම් ඇමතිලා කියන කරන දේවල්වලින් පේනවා.

:       49       11

Ruwan R Thursday, 23 October 2025 03:15 PM

පාතාලය හා අපරාධ සම්බන්ධව පවතින නීතිය යටතේ දඩුවම් නියමවුණු ඒ සම්බන්ධවම දැනට උසාවියේ විභාග වන නඩු 6 ක් පවතින අපරාධ කරුවකු හට දේශපාලන බලය ලබා දී පාතාලය පවත්වාගෙන යෑමට අනුබල දීමට තමුන් වගකිව යුතුයි...

:       6       53

Nishan Thursday, 23 October 2025 03:15 PM

විජේපාලගේ පාතාල කතාව අහපු ගමන් හිතුණු දෙයක් තමයි මේ ඝාතනය ආණ්ඩුවේ වැඩක් බව... විජේපාල අර ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි කෑවා වගේ කතාවක් කිව්වේ. රටම දන්නවනේ ඒකේ තේරුම. විජේපාල ඒක වෙන විදියකට කිව්වා. එච්චරයි...

:       43       18

කපුරුහාමි Thursday, 23 October 2025 04:03 PM

තමුන්ගේ තාත්තත් ඒ කාලේ පාතාලේ එක්ක සම්බන්ධකම් පැවැත්වූ බව දන්නෝ දනිති. පාතාලේ ඉබේම පහළ වුනේ නැහැ. හිටපු බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පාතාලේ පෝෂණය කෙරුවා. ඒවායේ ප්‍රතිඵළ තමයි...

:       6       44

ගුණරත්න Friday, 24 October 2025 08:02 AM

ඔය වචන සෙට් එක අහල අහලම බඩ දඟලනවා. ඔය වචන වලට රැවටිලා මිනිස්සු ඡන්දය දුන්න, නිකම් ඡන්ද දිනුමකුත් නොවේ මේ රටේ ඉතිහාසේ ලැබුණු විශාලතම බලවත්ම ජන වරම. එහෙම තියෙද්දිත් ළාමක ළදරු විලාශයෙන් මේ ආණ්ඩුව ඒ ජනවරම නැති භංගස්ථාන කරලා දානවා. ඒ මදිවාට බූරු මාලිමා බය්යොත් ඒ වචන සෙට් එකම පුනරුච්චාරණය කරමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරනවා. ඔන්න රටකට වුනු දෙය.

:       0       1

pradeep Thursday, 23 October 2025 04:38 PM

මුන් හදාපු පාතාල කරයෝ මරා ගන්න කොට මොකටද ආණ්ඩුව වග කියන්නේ ? ජනතාවගෙ සල්ලි වලින් පාතාල කරයන්ට ආරක්ෂාව දෙන්න මේ යකා කියන්නේ

:       4       43

Srinath Thursday, 23 October 2025 06:53 PM

පාතාලය රකින්න කියලද සජිත් කියන්නේ...? කොහොමහරි මේක ඉවරයක් කරලා දාන්න. පාතාලය කියන්නේ ඔය කළින් බලයේ හිටපු සෙට් එක... ඉස්සරහට සොරි ඩොට් කොම්...

:       3       22

B Amarasinghe Friday, 24 October 2025 03:04 AM

උසාවියෙන් කීප වතාවක් දඬුවම් ලැබූ පාතාලයේ නමගිය අයකු ට නාම යෝජනා දීම හා ඔහුව සභාපති ලෙස පත් කරපු ඒකාබද්ධ විපක්ෂෙට තමන්ගේ වරද්ද වහගන්න කලු ඇඳුම් ඇඳගෙන ඇවිත් කෑගහලා ඒවා වහගන්න දරණ උත්සාහය අතිශයින්ම දුර්වලයි

:       0       0

Duminda Jayanath Udayakumara Friday, 24 October 2025 05:08 AM

නඩු 6ක් තියන එකෙක්ට නොමිනේෂන් දීලා, දැන් බයිලා කියවනවා.

:       0       0

Perera Friday, 24 October 2025 07:28 AM

පාතාලේ මේ තරමට වර්ධනය කරපු එකට මුළු විපක්ෂයම වගකීම භාරගත යුතුයි.

:       0       1

පිටරැටියා Friday, 24 October 2025 12:49 PM

බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන් විසින් ඇතිකරපු පාතාලේ, අපේ රටෙන් තුරන් කිරීමට වත්මන් ආණ්ඩුවට සියලු සක්තිය නිරතුරුවම ලැබේවා .රටට යහපතක්ම වේවා .

:       0       1

සොත්තියා Friday, 24 October 2025 04:32 PM

පුතාණෝ ගේ පියාණෝ බලයේ හිටපු කාලේ පාතාලේ රජ කරපු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා .ඒ කාලේ තරුණ ජීවිත කොපමණ විනාස උනාද? බල්ලා මරාපු හන්දිය කියලා නම පටබැඳි ලා තියෙන්නේ නිකම්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site